spot_img
spot_imgspot_img

පාසල් ප්‍රාථමික-ටියුෂන්-පෙර පාසල් ආරම්භ කරන හැටි අධ්‍යාපන ඇමති කියයි

පුවත්

විදෙස්

මේ වනවිට විවෘත කර තිබෙන සියලු පාසල්වල ප්‍රාථමික අංශ පන්ති සහ පෙර පාසල් ජනවාරි මස මුල දී ආරම්භ කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.

එම පාසල් නැවත ආරම්භ කරන දිනය ඉදිරි සති දෙක ඇතුළත ප්‍රකාශයට පත්කරන බව ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය. මේ සම්න්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන 17 වැනි දා පැවැත්වෙන බවත් ඔහු කීවේය.

අමාත්‍යවරයා ඒ පිළිබඳ මෙසේ කීවේය.

“අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අනිද්දා (17) අපි රැස්වීමක් පවත්වනවා. එහි දී ලැබෙන උපදෙස් අනුව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දැනට විවෘතව ඇති පාසල්වල ප්‍රාථමික අංශ දිවයිනේ සුදුසු  පළාත්වල පෙර පාසල් හා පෞද්ගලික උපකාරක පන්ති නැවත ආරම්භ කිරීම ගැන තීරණයක් ගන්නවා. දැනට පාසල් 5100ක් පමණ විවෘත කර තිබෙනවා.”

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාසල් ඉකුත් මාර්තු 13 වැනි දා නැවත දැනුම් දෙනතුරු වසා දැමිණි. ඉන් පසු ඒවා යළි ජූලි 06 වැනි දා විවෘත කෙරිණි. එසේ විවෘත කළ ද පන්ති පැවැත්වූයේ 5 හ්‍රේණිය, 11 සහ 13 ශ්‍රේණි සඳහා පමණි. අදියරෙන් අදියර පාසල් විවෘත කිරීමට සැළසුම් කර තිබූ අතර ජූලි 20 දා 12 සහ 10 වැනි ශ්‍රේණිවල දරුවන් සඳහා පාසල් විවෘත කෙරිණි.

ඉන්පසු අගෝස්තු 10 වැනි දා පාසල් යළි වසා දැමීය. උසස් පෙළ විභාගය පවතින අතරතුර යළි කොරෝනා  දෙවැනි රැල්ල ආරම්භවීම හේතුවෙන් පාසල් නියමිත පරිදි ආරම්භ වූයේ නැත. යළි නොවැම්බර් 23 වැනි දා හුදකලා කර තිබූ ප්‍රදේශවලත් බස්නාහිර පළාතේත් හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් ආරම්භ කෙරිණි. එසේ වුව ද ප්‍රාථමික පන්ති ආරම්භ කෙරුණ් නැත.

ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාව 10,165කි. එම පාසල් සංඛ්‍යාවෙන් 77.3% පමාණයක් සිසුන් 500ට අඩු පාසල්ය. පාසල් 13.6ක සිටින්නේ සිසුන් 500-1000ත් අතර ප්‍රමාණයකි.

කොරෝනා වසංගතය සමඟ වසා දැමීමටකටයුතු කළ අතර උපකාරක පන්ති ද නවතා දැමිණි. පන්ති පැවැත්වීමට මෙම කාලය ඇතුළත අවසර හිමිවූයේ මාසයක් වැනි කෙටි කාලයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!