නාවලපිටියේ පාසලක 12 ශ්‍රේණියේ ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇතැයී සෞඛ්‍ය අංශ පවසයි.
ඇගේ පියා නාවලපිටිය නගරයේ වෙළඳ සැළක සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබීම හේතුවෙවන් මෙම සිසුවියගේ පීසීආර් පරීක්ෂණයක් සිදුකර තිබිණි.
ඇය ද ආසාදිත බව තහවුරුවීමත් සමඟ රෝහල්ගතකිරීමට කටයුතු කළ බවත් ඇය ඉගෙනුම ලැබූ පාසලේ ගුරුවරු 04 දෙනෙක් සහ සිසුවියන් 16 දෙනෙකු ද මේ අතර නිරෝධායනයට යොමුකර ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.