ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මේ වනවිට කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතැයි හඳුනාගෙන ඇති මිලිද්දුව, ඇත්තිලිගොඩ දකුණ, මකුළුව, තලාපිටිය, කෝන්ගහ, දෙද්දුගොඩ උතුර යන ග්‍රාම නිලාධාරී වසම්වල ඊයේ (09) පීසීආර් පරීක්ෂණ 1,729ක් සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.
අද (09) සවස් වනවිට එම පරීක්ෂණවලින් කොටසක හෝ ප්‍රතිඵල ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරයි.
මින් ඉහත පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී ජනතා සහයෝගය ඉතාමත් අවම මට්ටමක පැවැති බැවින් ඊයේ පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සැළසුම් කිරීමෙන් අනතුරුව මුස්ලිම් දේවස්ථාන මගින් ජනතාව දැනුම්වත් කිරීමට ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් ද පවත්වන ලදී. එහි දී කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමේ වැදගත්කමත්, පරීක්ෂණ මගහැරීමෙන් ඇතිවන අනිටු පළවිපාකත් සෞඛ්‍ය අංශ මගින් පැහැදිලි කළ අතර තම ජන කොටස් මේ පිළිබඳ දැනුම්වත් කරන ලෙස පූජකතුමන්ලාගෙන් ඉල්ලා සිටින ලදී.
ඒ අනුව ඊයේ (09) දිනයේ දී පීසීආර් පරීක්ෂණ පැවැත්වීම සඳහා හොඳ ජනතා සහභාගීත්වයක් දක්නට ලැබුණු බවත් සෞඛ්‍ය ඒකකයේ නිලධාරීන්ට දිනකට සිදුකළ හැකි උපරිම පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 1500ක් ලෙස ගණන කර ඒ සඳහා සූදානම්ව ගිය බවත් සෞඛ්‍ය අංශ පවසයි. එසේ වුව ද පීසීආර් පරීක්ෂණ සඳහා පැමිණි සංඛ්‍යාව ඊට වඩා වැඩි අගයක් ගෙන තිබූ අතර අවසානයේ පරික්ෂණ 1729ක් පවත්වා තිබිණි.
පළමු 1500 සඳහා ජෛව සාම්පල ලබාගැනීමේ දී එය උපකරණ දෙකකින් සිදුකළ බවත් පසුව පැමිණ සිටි ජනතාව හැකිපමණ පීසීආර් පරීක්ෂෂණ සඳහා යොමුකිරීමට අවශ්‍ය බැවින් තවත් 229ක පිරිසකගේ සාම්පල ලබා ගැනීම එකම කූරක් මුඛයට හා නාසයට යොදා සිදුකළ බවත් සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස එකම කූරකින් ජෛව සාම්පල ලබාගැනීම වැරදි ක්‍රමයක් නොවන බව ද ජාත්‍යන්තරව පිළිගෙන ඇති ක්‍රමයක් බව ද වෛද්‍යවරු කියති. නමුත් මෙලෙස එකම කූරක් නාසයටත්, මුඛයටත් භාවිතා කිරීම පිළිකුල් සහගත යැයි කියමින් ඇතැම් පිරිස් ආපසු හැරී ගිය බව ද ඊයේ (09) ප්‍රචාරය විය.
සෞඛ්‍ය අංශ පවසන්නේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වැඩිම ජන ඝනත්වයක් සහිත ප්‍රදේශ වන්නේ මෙම ග්‍රාම නිලධාරී වසම් කිහිපය බවයි. එහි සියලුම පදිංචි කරුවන්ට පීසීආර් පරීක්ෂණ සිදුකරන්නේ නම් තවත් දින කිහියක් එම පරීක්ෂණ සඳහා වෙන්කළ යුතු බව ද ඔවුහු කියති.
ඊයේ සිදුකළ පරීක්සණවල ප්‍රතිඵල අනුව ඉදිරිදිනවල දී පීසීආර් පරීක්ෂණ සිදුකරන ආකාරය පිළිබඳ තීරණය කිරීමට නියමිතය.