spot_img
spot_imgspot_img

ගාල්ලේ හපුගල ඉංජිනේරු පීඨ සිසුන් දෙදෙනකුට කොරෝනා

පුවත්

විදෙස්

රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

වසා දමා තිබූ ඉංජිනේරු පීඨය පසුගිය සතියේ තුන්වැනි හා අවසන් වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා යළි ආරම්භ කෙරිණි. කිසිදු සිසුවකුට පිටත නවතැන් නොගන්නා ලෙස උපදෙස් දුන් විශ්වවිද්‍යාල බලරධාරීන් ඔවුන් සියලු දෙනාටම ඇතුළත නේවාසිකාගාර පහසුකම් සපයා දී තිබූ අතර ආහාරපානාදිය ද ඉංජිනේරු පීඨයේ අභයන්තර ආපනාශාලාවලින් ම සපයා දී තිබිණි.

කිසිදු ශිෂ්‍යයකුට විශ්වවිද්‍යාල භූමියෙන් පිටතට යාමට හෝ පිටස්තර පුද්ගලයන්ට ඇතුළට ඒමට ද අවසර තිබුණේ නැත. සෞඛ්‍ය අංශ පවසන්නේ සිසුන් ද කණ්ඩායම්වලට වෙන්කර එම කණ්ඩායම් අතර සිසු සිසුවියන් එකිනෙකා හා සම්බන්ධ නොවන ක්‍රමවේදයක් හඳුන්වාදී තිබූ බවයි.

එසේ වුව ද සිසු සිසුවියන් තම ගම්පළාත්වල ගොස් පැමිණ සිටි බැවින් ඊයේ (04) එම කණ්ඩායම්වලින් තෝරාගත් සිසු සිසුවියන් 300කට ආසන්න පිරිසකගේ පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි. ඉන් සිසුන් දෙදනකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත.

මෙම සිසුන් හා ආශ්‍රිතවූ පිරිස් නිරෝධායනයට යොමු කරමින් සිටින බව ද සෞඛ්‍ය අංශ පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!