1.4 C
New York

නීතිය හා සාමය සරත්ට, කැබිනට් සංශෝධනයක් එයි ?

Published:

ජනවාරි මාසයේ දී කැබිනට් සංශෝධනයක් සිදුවන බවට ඉඟි ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කර තිබේ.

20 වැනි සංශෝධනය සම්මතවී තිබීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අභිමත පරිදි අමාත්‍යාංශ සිය භාරයේ තබා ගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය හා තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ තබාගනු ඇතැයි ද එම වාර්තාවේ දක්වා ඇත.

එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකරට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හිමිවනු ඇති බවයි.

සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරු ලිපියේ දක්වා ඇත්තේ ලබන ජනවාරි මාසයේ දී බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. ඒ අනුව කැබිනට් සංශෝධනයක් සිදුකරමින් බැසිල් රාජපක්ෂ ද කැබිනට් අමාත්‍යධූරයකට පත්කරනු ඇතැයි දැක්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම ඔහුට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලීම් කර ඇති බව එම වාර්තාවේ සඳහන් කර තිබේ.

Related articles

Recent articles

spot_img