spot_img
spot_imgspot_img

මධ්‍යම අධිවේගයේ බිලියන ගණනක පාඩුව කෝප් කමිටුවේ දී හෙළිවෙයි

පුවත්

විදෙස්

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවත් රුපියල් බිලියන 10කට ආසන්න පාඩුවක් සිදුව ඇති බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී රැස්විය. 2012 වර්ෂයේ දී උතුරු අධිවේගී මාර්ගය ලෙස අදියර 03ක් යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘතිය 2015 වර්ෂයේ දී මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස අදියර 04ක් යටතේ ඉදිකිරීමට තීරණය කෙරිණි.

මෙහි දී අනාවරණය වී ඇත්තේ මාර්ගය ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යයනය සඳහා සමාගම තෝරාගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදුව ඇති බවයි. ක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් බිලියන 1.7කට වැඩි මුදලක් වැය වී ඇතැයි ද අනාවරණය වී ඇත.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීම 2015 සිට 2019 දක්වා ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් බිලියන 08ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව ද හෙළි වී තිබේ. එම කොටසේ ඉදිකිරීම්වලින් මේ දක්වා අවසන් වී ඇත්තේ 5%ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් බව ද සනාථ වී ඇත.

මුල් ව්‍යාපෘතිය වෙනස්වීම හේතුවෙන් සිදුව ඇති මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කරන ලදී.

මීරිගම සිට කුරුණෑගල දක්වා සියයට 75 ක් වැඩ කටයුතු අවසන් වී ඇති අතර එම කොටසේ ඉදිකිරීම් ලබන වසරේ ජුනි මාසය වන විට අවසන් කළ හැකි බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!