1.4 C
New York

ප්‍රදේශ කිහිපයක් යළි විවෘතයි. තවදුරටත් හුදකලා ප්‍රදේශ මෙන්න

Published:

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 04කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5.00 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක තවදුරටත් හුදකලාභාවය පවතින බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද ග්‍රාම නිලධාරී වසම හා බොරැල්ලේ පිහිටි වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කර පවතී.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජා – ඇළ හා කඩවත යන පොලිස් වසම් දෙකේ ද සංචරණ සීමා හෙට උදෑසන ඉවත් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 05ක සංචරණ සීමා තවදුරටත් බලපැවැත්වෙන බව යුදහමුදාපතිවරයා සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශ

  • මීගමුව
  • වත්තල 
  • පෑලියගොඩ 
  • රාගම 
  • කැලණිය

අටලුගම ප්‍රදේශයේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්,

  • බෝගහවත්ත
  • බමුණුමුල්ල මුස්ලිම් ප්‍රදේශය
  • හිරිමන්තුඩාව
  • කෝරාවල
  • අටලුගම බටහිර
  • බමුණුමුල්ල
  • ගලහමණ්ඩිය

Related articles

Recent articles

spot_img