මැද පෙරදිග සහ ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 411 දෙනෙක් අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියහ. මේ අතර ශ්‍රී ලාංකිකයන් 267 දෙනෙක් කටුනායක සිට මැදපෙරදිගග රටවල් කිහිපයකට, ඉන්දියාවට සහ එංගලන්තය වෙත පිටත්ව ගියහ.
ශ්‍රී ලංකාවට පැමිණි අයගෙන් 290 දෙනකු විවිධ ගැටලුවලට මුහුණදීම හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි පිරිසකි. අනෙක් 121 දෙනා විවිධ රටවල රැකියා සඳහා ගොස් කොරෝනා වසංගතය හේතුවෙන් එම රටවල කොටුවී සිටි පිරිසකි. ඔවුන් රජයේ විශේෂ අවසර මත මෙරටට පැමිණ ඇත.
කටාර් සිට පැමිණි 290 ක් වූ පිරිස දෝහාර් ගුවන්තොටුපොළේ සිට යූඑල් 218 දරණ ශ්‍රී ලංකන් එයාර් ලයින් විශේෂ ගුවන්යානයකින් අද උදේ 6.45ට කටුනායකට පැමිණියහ. ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගුවනතොටුපොළ පීසීආර් පරීක්ෂණ ඒකකයේ දී පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කෙරිණි. ඉන් පසු ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීම යුද හමුදාව විසින් සිදුකරන ලදී.
එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනකු අබුඩාබි සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ යානයකින් අද අළුයම 12.45ට පැමිණ තිබිණි. එමෙන් ම අලුයම 1.45ට රජයේ විශේෂ අවසරය මත කටාර් සිට පැමිණි යානයකින් රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 42 දෙදෙනකු පැමිණ තිබිණි. මේ අතර ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙක් චෙන්නායි සිට ශ්‍රී ලංකන් ගුව්න සේවයේ යූඑල් 1026 දරණ විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 4.45ට කටුනායකට ළඟාවූහ.
රජයේ විශේෂ අවසරය මත මෙලෙස පැමිණි 121ක පිරිසගෙන් පුද්ගලික රොහල් කාර්ය මණ්ඩල විසින් පීසීආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය ජෛව සාම්පල ගනු ලැබූ අතර ඔවුන් නිරෝධායය සඳහා හෝටල් වෙත යොමුකරනු ලැබීය.
කටුනායක ගුවන්තොටුපොළේ සිට අද (21) අලුයම එංගලන්තය බලා පුද්ලයන් 07 දෙනෙක්, ඉන්දියාවේ චෙන්නායි වෙත පුද්ගලයන් 48ක්, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය වෙත 126 දෙනෙක්, කටාර් වෙත 51 දෙනෙක් සහ මාලදිවයින වෙත 35 දෙනකු ලෙස පුද්ගලයන් 267 දෙනෙක් පිටත්ව ගියහ.