3.8 C
New York

පාර්ලිමේන්තු බසය පොකුණකට පෙරැළෙයි

Published:

පාර්ලිමේන්තුවේ සේවකයන් ප්‍රවාහනය කරන බසයක් අද සවස පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති පොකුණකට පෙරැළී ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

මෙම බසය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත්වූවකි. සවස පැවැති වැසි තත්ත්වය හේතුවෙන් බසයට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණීමට අවසර දී තිබූ බව ද හෙතෙම පැවසීය. බසය සේවකයන් නංවාගෙන ආපසු යන ගමනේ දී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 30ක පමණ පිරිසක් බසයේ සිටි බවත් ඔවුන් කිසිවෙකුට බරපතල තුවාල නොමැති බවත් දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img