spot_img
spot_imgspot_img

ජාතික ජන බලවේගයේ වියදම්, පොහොට්ටුවේ වියදමට වඩා වැඩියි. පාර්ලිමේන්තුවෙන් කියයි

පුවත්

විදෙස්

09 වන පාර්ලිමේන්තුව – ගෝඨාභය රාජපක්ෂ  – රු. 287,340

10 වන පාර්ලිමේන්තුව – අනුර කුමාර දිසානායක – රු. 339,628.55

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසිනි

ජාතික ජන බලවගේය පසුගිය මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු පැවැත්වූ තේ පැන් සංග්‍රහයේ දී රුපියල් 339,628.55ක් වැය වූ බවත් ඊට අමතරව උත්සව කටයුතු වෙනුවෙන් රුපියල් 72,350.00ක් වැයකර ඇති බවත් අනාවරණය වෙයි.

මෙම කරුණු අනාවරණය වෙන්නේ 2016 අංක 12 දරණ තොරතුරු පනත අනුව කරන ලද විමසීමකිනි.

මෙම තොරතුරුවලින් පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ දී තේ පැන සංග්‍රහය සඳහා කරන ලද වියදමට වඩ‍ා මෙවර වැඩි වියදමක් දරා ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 09 වැනි පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු ලබාදුන් තේ පැන් සංග්‍රහය සඳහා රුපියල් 287,340.00ක මුදලක් වැය කර ඇති අතර මෙවර 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ තේ පැන් සඳහා රුපියල් 339,628.55ක් සහ අමතර රුපියල් 72,350.00ක් උථ්සව කටයුතු සඳහා වැයකර තිබේ.

මෙවර පාර්ලිමේන්තු මංගල සැසියේ දී වියදම් අඩුකළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලබාදුන්න ද ඒ සම්බන්ධයෙන් නිවරැදි සංඛ්‍යාලේඛන කිසිවකුත් විසින් ඉදිරිපත් කර තිබුණේ නැත.

එවන් පසුබිමක, ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වූයේ සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය තුළ පළ වූ පුවත්වල සඳහන් වූ පරිදි රුපියල් මිලියන ගණන් මුදල් ඒ ආකාරයෙන් කිසිදු පක්ෂයක් මංගල සැසිවාරයෙන්  පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහ වෙනුවෙන්  වැයකර නොමැති බවයි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය විවෘත කිරීමේ දිනයේ දී සහ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය විවෘත කිරීමේ දිනය අතරතුර දී රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් තේ, රස කැවිළි, බිස්කට, කෙසෙල් පමණක් නොව අත පිසින කඩදාසිය පවා මිල ඉහළ ගොස් ඇත. මෙම ගණනය කිරීම් සඳහා එය ඇතුළත් වී නොමැත. මෙය නිවැරදිව සන්සන්දනය කිරීමට නම් එම මිල ගණන් සන්සන්දනය කිරීමේ දී ඒ ඒ භාණ්ඩවල අදාළ වර්ෂවල දී සිදු වූ උද්දමනය ද සළකා බැලිය යුුතු බව අපි අපේ පාඨකයන්ට සිහිපත් කරන්නෙමු.

කෙසේ වෙතත් ‍ඒ ඒ අයිතම සඳහා ගිය වියදම් පිළිබඳ විස්තර අප සතුව නොමැත.

වෙනම ගණනය කර නෑ

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2010.04.22 දින පැවති  07 වන  පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ 2015.09.01 පැවති 08 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 09වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය හා වර්තමාන ජනාධිපති අනුරකුමාර දිසානායකගේ 10වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය දක්වා තොරතුරු, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය මගින් ඉල්ලා සිටියත් තොරතුරු ලබාදී ඇත්තේ 09වන සහ 10වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයන්ට අදාළ තොරතුරු පමණි. 07වන සහ 08වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයන්ගෙන් පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහ ඇතුළු වෙනත් සංග්‍රහ කටයුතු වෙනුවෙන් සිදු කර තිබෙන වියදම් වෙන වෙනම ගණනය කිරීමක් සිදු කර නොමැති අතර, එම තොරතුරු පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ නොමැති බැවින් තොරතුරු පනතේ 3(1) වගන්තිය ප්‍රකාරව ලබාදීම ප්‍රතිෂේප කර තිබේ. එම වගන්තියේ සඳහන් වන්නේ මෙම පනතේ (05)වන වගන්තියේ විධානයන්ට යටත්ව පොදු අධිකාරියේ සන්තකයේ භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරුවලට ප්‍රවේශවීමේ අයිතිවාසිකම සෑම පුරවැසියෙකුටම තිබිය යුතු බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ එම තොරතුරු පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සතුව නොමැති බවයි.

චාරිත්‍රානුකූල කටයුත්තක්

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය ලබාදුන් තොරතුරු අනුව පාර්ලිමේන්තු වැය ශීර්ෂය යටතේ චාරිත්‍රානුකූලව පවත්වන උත්සව කටයුතු සහ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 09වන පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී රුපියල් 287,340.00ක මුදලක් වැය කර ඇති අතර උත්සව කටයුතු සඳහා සිදු කළ වියදම් ගණනය කිරීමක් සිදුකර නොමැත. එමෙන්ම වර්තමාන ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ 10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන්  පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය වෙනුවෙන් රුපියල්  339,628.55 ක මුදලක් වැය කර තිබෙන බව ඒ අනුව අනාවරණය වේ.

මෙම ලිපිය https://rtisrilanka.lk/ වෙබ් අඩවියේ පළවූවකි. එහි මුල්පිටපත මෙතැනින්

2 COMMENTS

  1. එදා බඩු මිලත්,අද බඩු මිලත් එක්ක බලන කොට වැඩියක් නෑ.

  2. එදා මිල ගණන් අනුව තේ කෝප්ප 600, මෙවර තේ කෝප්ප 200 ට බැස්සුවත් ඕක තමයි වෙන්නෙ. ආර්ථික ඝාතකයන් කිව්වෙ ඕක නිසා තමා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!