ප්‍රසන්න ප්‍රදීප් කුමාර
උතුරේ පළාත තුල ඊලාම් යුද්ධයේ මතක සටහන් කොතෙකුත් තිබේ. ඒ කෙසේ වෙතත් අද වන විට එම යුද්ධය අවසන්ව වසර 15 ට වඩා ගතවී තිබේ.
නමුත් යාපනය දිස්ත්‍රික්කය පශ්චාත් යුද වකවානුවේ ගැටළු රැසකට මුහුණදී ඇති ප්‍රදේශයකි. මෙය උතුරටම පොදු ප්‍රශ්නයක් වුවද යාපනයේ ජනතාවට මෙම තත්වය වැඩිපුර දැනෙන්නකි.
යාපනය දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අවතැන්වූ පවුල් 1512 ට අයත් පුද්ගලයින් තවමත් අවතන්ව සිටින බවත් යුද්ධයෙන් පසු යාපනය දිස්ත්‍රික්කයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදා ගත් ඉඩම් අක්කර 2859.12 ක් තවමත් නිදහස් කර නොමැති බවත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අප කල විමසීමකදී යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. ශ්‍රීමෝහනන්ගේ අත්සනින් ලිපියකින් අනාවරණය වෙයි.
කෙසේ වෙතත් මෙහිදී අදාල ප්‍රදේශ තවමත් නිදහස් නොකිරීම හරහා එම ජනතාවට සිය ආගමික වතාවත් සිදු කිරීමටද නොහැකි වි තිබෙන්නේ තමන් දශක ගණනක් වැදුම් පිදුම් කල කෝවිල් තවමත් අධි ආරක්‍ෂිත කලාප වලට නතුව ඇති බැවිනි. ඒ අනුව එම කෝවිල්වල ආගමික වතාවත් සිදු කිරීමට තබා ඒවා දැක බලා ගැනීමට වත් නොහැකි බව එම කෝවිල් භාරකාර පුජකවරුන් හා බැතිමතුන් පෙන්වා දෙයි.
ඒ අනුව එසේ අධි ආරක්‍ෂිත කලාප වලට නතුව ඇති යාපනය දිස්ත්‍රික්කයේ කෝවිල් පිළිබද අප තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදු කල විමසීමකදී යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරි අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.ශ්‍රීමොහනන්ගේ අත්සනින් යුතු අංක JSD/RTI/DIS INFO/01/03/2024 දරණ ලියවිල්ලකින් දන්වා තිබුනේ අධි ආරක්‍ෂිත කලාප වලට නතුව කෝවිල් පමණක් 25 ක් පවතින බවයි. ඒ අනුව අදාළ කෝවිල් වලට බැතිමතුන්ට ආගමික වතාවත් සදහා ඇතුළු වීමටද අවසර නොමැති බව ඒ මහතා පෙන්වා දෙයි,
තවද මයිලඩි ටි.බි රෝහල් ඉඩමක් හා පාසල් 06 ක් මෙසේ අධිඅරක්ෂිත කලාප වලට නතුව ඇති බව එම ලිපිය මගින් පෙන්වා දෙයි. ඒ අනුව පහත දැක්වෙන කෝවිල් මෙසේ අධි ආරක්‍ෂිත කලාප වලට නතුව පවතී
01 පුලියඩි වෛයිරව කෝවිල
02 පොක්කිනාඩ්ඩු වෛයිරව කෝවිල
03 වවුනාතම්පි වෛයිරව කෝවිල
04 මරුත්තඩි පිල්ලයර් කොවිල
05 කන්නකි මාතා කෝවිල
06 කොලුවියන්කලඩ්ඩි පිල්ලයර් කෝවිල
07 ශිවන් කෝවිල
08 මුතලියර් කෝවිල
09 තිරුඥාන වෛයිරව කෝවිල
10 පෙරියතම්පිරන් කෝවිල
11 සෙන්තිල් වෙලායුදර් කොවිල
12 සෙබස්තියර් පල්ලිය
13 දනරෝඩෙයි පිල්ලයාර් කෝවිල
14 කොත්තියල් අම්මාන් කෝවිල
15 මුත්තුමාරි අම්මාන් කෝවිල
16 මනම්පිරායි පිලායාර් කෝවිල
17 ශිවන් කෝවිල
18 නගර කෝවිල
19 ශක්තියුදයාල් අම්මාන් කෝවිල
20 රාජේශ්වරී අම්මාන් කෝවිල
21 නගතම්බිරාන් කෝවිල
22 කිරුශානර් කෝවිල
23 ලින්ගේශ්වරා කෝවිල
24 පුජෙඩ්ඩි සොලයි වෛයිරව කෝවිල
25 කතිරයන්ඩවර් කෝවිල
යන කෝවිල් මෙසේ අධි ආරක්ෂක කලාප වලට නතුව පවතින බව අදාළ ලිපිය මගින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්)යාලයේ තොරතුරු නිලධාරි වරයා සදහාන් කරයි. තවද මෙම කෝවිල පිහිටා ඇති ග්‍රාමසේවා වසම් මෙසේ දැක්විය හැක. ඒ අනුව අදාළ කෝවිල් 25 ජේ/242 කුරුම්බසෙඩ්ඩි ගම්මානයට අයත් කෝවිල් 03ක් , ජේ/248 මයිලඩිතුරෙයි දකුණ ගම්මානයට අයත් කෝවිල් 03 ක් ,ජේ/252 පලාලි දකුණ ගම්මානයට අයත් කෝවිල් 01 ක් ,ජේ/253 පලාලි නැගෙනහිර ගාම්මනයට අයත් කෝවිල් 02 ක්, ජේ/254 පලාලි උතුර ගම්මානයට අයත් කෝවිල් 04 ක්, ජේ/255 පලාලි උතුර ගම්මානයට අයත් කෝවිල් 01, ජේ/256 පලාලි බටහිරට ගම්මානයට අයත් කෝවිල් 02 ක්,ජේ/238 කඩ්ඩුවාන් ගම්මානයට අයත් කෝවිල් 01 ක්,ජේ/245 වාසවිලාන් බටහිරට අයත් කෝවිල් 04 ක්,ජේ/226 නගුලේශ්වරම් ප්‍රදේශයට අයත් කෝවිල් 04 ක් වශයෙන් පිහිටා තිබේ.
ඒ අනුව දශක කීපයක් අදාළ කෝවිල් වල භාරකාර පුජක වරුන්ට හා බැතිමතුන්ට තම ආගමික වතාවත් සදහා මෙම කෝවිල් වලට පිවිසීමට හෝ අවසර නොමැති බව නම සදහන් කිරීමට අකමැති පුජක වරයෙකු සදහන් කරයි. ඒ අනුව ඔහු වැඩි දුරටත් පවසන්නේ තම ජිවිත කාලය තුල කෙසේ හෝ මෙම කෝවිලක පුජාවකට සහභාගී වීමේ දැඩි අපේක්ෂාවක් පවතින බවයි. නමුත් එය කවදා සිදුවේද යන්න පිළිබද දෙගිඩියාවක් පවතින බවත් යුද්ධය අවසන් වුවද තම පුද්ගලික ඉඩම් සේම පොදු ඉඩම් තමන්ට තවමත් නොලැබීම කණගාටුවට කරුණක් බවද හෙතෙම සදහන් කරන ලදී.
තවද මෙම කෝවිල් වලට අමතරව ජේ/246 මයිලඩි උතුර ග්‍රාමසේවා වසමට අයත් රෝහල් ඉඩමක්ද මෙසේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් නැතුව පවතින බව අදාළ ලිපිය තුලින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල තොඉරතුරු නිලධාරි වරයා සදහන් කරයි.
තවද එහි කරුණු දක්වන තොරතුරු නිලධාරි වරයා පෙන්වා දෙන්නේ පාසල් 06 ක් මෙසේ අධි ආරක්ෂක කලාප වලට නැතුව පවතින බවයි.ඒ අනුව ජේ/233 කන්කසන්තුරේ බටහිර ග්‍රාම නිලධාරි වසමට අයත් ජේ/කන්කසන්තුරේ සිංහල මහා විද්‍යාලය, ජේ/234 කන්කසන්තුරේ මාධ්‍ය ග්‍රාම සේවා වසමට අයත් ජේ/ කන්කසන්තුරේ මහා විද්‍යාලය,ජේ 248 මයිලඩිතුරේ දකුණ ග්‍රාමසේවා වසමට අයත් ජේ/ මයිලඩි ආර්.සි.ටි.එම්.එස් විද්‍යාලය,ජේ/256 පලාලි දකුණ ග්‍රාම සේවා වසමට අයත් ජේ/ වසුවිලාන් ශ්‍රී වෙලුපුල්ලේ විද්‍යාලය, ජේ/256 පලාලි බටහිර ග්‍රාම සේවා වසමට අයත් ජේ/පලාලි ජි.ටි.එම්.එස් හා පලාලි ගුරු පුහුණු විද්‍යාලය යන විද්‍යාල තවමත් ආරක්ෂක කලාප වල පිහිටා ඇති බවයි.
ඒ අනුව එම ප්‍රදේශ වල යුද්ධයට පෙර ජනතාව භාවිතා කල මෙම පොදු ස්ථානද අද වන විට යුද්ධයේ කුරිරු බවින් ඔවුන්ට අහිමි වී ගොස් තිබේ. ඒ අනුව එම ජනතාව තම පුද්ගලික ඉඩම් සේම මෙවන් පොදු ස්ථානද යලිත් තමන්ගේ පරිහරණය උදෙසා ලබා දෙන මෙම බලධාරීන්ගෙන් ඉල්ලා සිටි. කෙසේ වෙතත් මෙම ජනතාව යුද්ධයේ කුරිරු බව කොතෙක් අත්විද ඇතිද යත් ඔවුන් සිය අද්දැකීම් පවා අප හා බෙදා ගැනීමට බියක් දක්වන බව මෙහිලා සදහන් කල යුතුය.