spot_img
spot_imgspot_img

මැතිවරණ ලොක්කන් සහ නිරීක්ෂකයන් අතර හමුවක් හෙට

පුවත්

විදෙස්

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධාතීන් අතර විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී හෙට (17) පැවැත්වේ.

නිදහස් මැතිවරණයන් සඳහා වු ආසියානු ජාලය | ඇපරල්) සහ පොදු රාජ්‍ය මණ්ඩලිය මැතිවරණ නිරීක්ෂනයෙන් ද මෙම සාකච්ඡාවට එක්වීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා කියා සිටියේ ඡන්ද වීමසීමට අදාල සියලු කටයුතු සුදානම් කර ඇති බවත් රාජ්‍ය නිලධාරින්ට දිය යුතු සියලුම උපදෙස්ද නිකුත් කර අවසන් ඇති බවයි.

මෙවර ජනාධිපතිවරණයේදී වෙනදාට වඩා ජනතාව උනන්දුවෙන් ඡන්දය පාවිච්චි කරනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ සභාපතිවරයා,  උදෙන්ම ඡන්ද පොළට ගොස් සිය ඡන්දය පාවිච්චි කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමන් කරයි.

අනෙකුත් මැතිවරණ වලට සාපේක්ෂව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බවත් එය හොඳ පුවණතාවක් බවත් හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!