spot_img
spot_imgspot_img

මහ වැස්සට සූදානම් වෙන්න

පුවත්

විදෙස්

රටේ නිරිතදිග ප්‍රදේශයේ හෙට (26) සිට වැසි තත්වයේ වැඩිවීමක් සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ බස්නාහිර පළාත, සබරගමුව පළාත තුළ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

එමෙන්ම වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව සඳහන් කර තිබේ.

මධ්‍යම  කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50ක පමණ තද සුළං ඇති විය හැකිය. 

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!