3.8 C
New York

කොරෝනා මරණ 03ක් වාර්තා කරයි

Published:

කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ 03ක් පිළිබඳ අද (18) සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කඳාන පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කොරෝනා ආසාදනය සමග දියවැඩියා රෝගයේ සංකූලතා ඇතිවීමෙන් සිය නිවසේ දී ම මියගොස් ඇතැයි වාර්තා වෙයි.

කොළඹ 12 පදිංචි 74 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අධික රුධිර පීඩනය, දියවැඩියාව සමඟ කොරෝනා ආසාදනය හේතුවෙන් සිදුවූ පෙනහළු දුර්වලවීමක් හේතුවෙන් මියගොස් ඇත.

කොළඹ 12 පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු ද සිය නිවසේදී මියගොස් ඇත. කොරෝනා සමග දියවැඩියා රෝගයේ සංකූලතා උත්සන්න වීමෙන් මරණය සිදුව ඇතැයි වාර්තා කර ඇත.

මෙම මරණ 03 සමඟ මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

spot_img