රෝගියකුගේ වකුගඩුවක තිබූ විශාල ගලක් අධිබල ලේසර් කිරණ භාවිතා කරමින් අද (18) ඉවත්කළ බව කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරු කියති.
මෙවැනි සැත්කමක් ශ්‍රී ලංකාවේ සිදුකර ඇත්තේ ප්‍රථම වතාවට බැවින් මෙය ඓතිහාසික සැත්කමක් ලෙස සැළකේ.
සැත්කම සිදුකළ වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය කලණ පරණපල්ලියගුරුගේ පවසන්නේ මෙම රෝගියාගේ දකුණු වකුගඩුවේ තිබූ එම ගල සෙන්ටිමිටර 04ක් පමණ විශාල බවයි. ඔහුට මීට වසර හතකට පෙර මෙවැනිම ගලක් ඉවත්කිරීමට සැත්කමක් සිදුකර තිබූ බැවින් මෙම නව තාක්ෂණය භාවිතා කළ බව ද වෛද්‍යවරයා කීවේය.
ඒ අනුව වොට් 140ක පමණ ප්‍රබල ධාරිතාවකින් යුතු ලේසර් තාක්ෂණය යොදාගනිමින් එම ගල කුඩා කැබලිවලට කඩා මුත්‍රා මාර්ගය ඔස්සේ කැබලි එළියට ගෙන ඇත.
මෙම තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙන් සැත්කමක් සිදුකර ගල ඉවත්කිරීමෙන් වන අපහසුතාව තරම් අපසුවක් රෝගියාට ඇති නොවන බවත් දින 04ක් වැනි කාලක දී ඔහුට සාමාන්‍ය දෛනික කටයුතුවල යෙදීමට හැකිබවත් වෛද්‍යවරයා කීවේය.
මෙම අධි බලැති ලේසර් යන්ත්‍රය ශ්‍රී ලංකාවේ දී භාවිතා කළ ප්‍රථම වතාව ලෙස ද හැඳින්වේ.