spot_img
spot_imgspot_img

කුලී නිවෙස් හිමියන්ටත් බද්දක්

පුවත්

විදෙස්

කුලී ආදායම් ලබන පුද්ගලයන්ටත් ලබන වසරේ අප්‍රේල් 01 වැනි දා සිට කුලී ආදායම් බද්දක් ගෙවීමට සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඒ එම අරමුදල සමඟ රජය එකඟ වී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ වැඩසටහනට අනුවය.

රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වා දීම ඉතා වැදගත් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මෙම බදු ක්‍රමය 2026 වසර වනවිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීමයි. මෙම බද්ද නිවසේ වටිනාකම මත නොව ඉන් ලැබිය හැකි අදායම මත පදනම් වේ.

මීට පෙර 2025 වසරේදී දේපළ බද්දක් හඳුන්වා දීමට රජය සූදානම්ව සිටියත් එයට පවතින බාධා හේතුවෙන් මෙම බදු ක්‍රමය හඳුන්වා දීමට මෙරට රජය තීරණය කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. පදිංචිවී සිටින සහ නොසිටින නිවාස සඳහා මෙම බදු ක්‍රමය හඳුන්වාදීම දේපළ බද්දට සුදුසු ආදේශකයක් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.

මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය සභා මට්ටමින් දත්ත ගබඩාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවත් එම දත්ත ගබඩාවට මෙරට දේපළහිමියන් සතුව ඇති දේපළ සම්බන්ධයෙන් යාවත්කාලීන කළ ඇස්තමේන්තුවක් ඇතුළත් විය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

එම දත්ත ගබඩාව නිර්මාණය කිරීම මෙම වසරේ අගෝස්තු මස වන විට අවසන් විය යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!