3.8 C
New York

අයවැයෙන් සෞඛ්‍ය මුදල් කප්පාදුවට එරෙහිව උද්ඝෝෂණයක්

Published:

වසංගතයක් අභිමුව අයවැයෙන් සෞඛ්‍ය ප්‍රථිපාදන කපා දැමීම හෙලා දකිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (18) දහවල් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ. ඔවුන් පවසන්නේ මින්පෙර වසරවල  සෞඛ්‍ය අංශ සඳහා වෙන්කළ මුදලට වඩා මෙවර අයවැයෙන් අඩු මුදලක් වෙන්කර ඇති බවයි.

පසුගිය වසරේ අයවැයෙන් සෞඛ්‍ය අංශ සඳහා වෙන්කළ රුපියල් බිලියන 178ක මුදල වෙනුවට මෙවර වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 158ක මුදලක් බව ඔවුහු පවසති.

ඒ අනුව රුපියල් බිලියන 20ක් පමණ කප්පාදු කර ඇති බවත් කොරෝනා වසංගතය තවත් වසර කිහිපයක් පවතිනු ඇතැයි ලෝක සෞඛය සංවිධානය අනතුරු අඟවා තිබියදී මෙලෙස සෞඛ්‍ය අරමුදල් කපාහැරීම ගැටලුකාරී බවත් විරෝධතාකරුවෝ පවසති.

මෙමගින් පුද්ගලික රෝහල් වලට වසංගතයෙන් ගසාකෑමට අවස්ථාවක් ලැබෙන බවත් මේවනවිටත් පවතින සෞඛ්‍යාරක්ෂිත උපකරණ හිඟය විසඳාගැනීමට නොහැකිවනු ඇති බවත් උද්ඝෝෂකයෝ පෙන්වා දෙති.

Related articles

Recent articles

spot_img