3.8 C
New York

බෝගම්බරින් පලායාමට තැත්කළ රැඳිවියන්ට වෙඩි. අයෙක් මරුට

Published:

පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් ඊයේ (17) රාත්‍රී පලායාමට තැත් කළ රැඳවියන් පිරිසකගෙන් එක් අයකු වෙඩි තැබීමකින් මරුමුවට පත්ව ඇති අතර එක් අයකු පළාගොස් ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර ඇති බන්ධනාගාර වාට්ටුවක සිටි රැඳවියන් 05 දෙනකු බන්ධනාගාරයේ වහළට නැග මෙලෙස පලායාමට තැත්කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසන්නේ මියගිය පුද්ගලයා හෙරොයින් ග්‍රෑම් 500ක් ළඟ තබාගැනීම සහ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අයකු බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් රැඳවියකු අත්අඩංගුවට ගෙන රෝහල්ගත කර ඇති අතර අනෙක් දෙදෙනා ද අත්අඩංගුවේ පසුවන බවයි. මෙම බන්ධනාගාරය තුළ මේ වනවිට රැඳවියන් 410ක් නිරෝධායනයට යොමුකර තිබේ.

Related articles

Recent articles

spot_img