spot_img

රජයේ සේවකයන්ගේ වැටුප් ගැන දැනුම් දීමක්

පුවත්

විදෙස්

2024 වර්ෂයේ දී නැවත වතාවක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට නොහැකි යැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සත්ව නිෂ්පාදන සහ පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මන්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තීය සමිති නිලධාරීන් සමඟ ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළ අවස්ථාවේ දී ය.

නමුත් සියලුම වෘත්තීය සමිතිවලින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති ඉල්ලීම් අතර වැටුප් වැඩිවීමක් ලබා දෙන්න යැයි කර ඇති ඉල්ලීම තිබේ.

නැවත රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් සිදුවන්නේ ලබන වසරේ දී බවත්, මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් සිදු කළහොත් රට ආර්ථික වශයෙන් යළි කඩා වැටීමකට ලක්විය හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ වසරේ දී රාජ්‍ය සේවකයින්ට රු 10,000ක වැටුප් වැඩිවීමක් සිදුවුණි. 

මෙම සාකච්ඡාවන්ට පශු වෛද්‍යවරුන්ගේ සංගමය, සත්ව සංවර්ධන උපදේශකවරුන්ගේ සංගමය හා පශු සංවර්ධන අංශයේ කම්කරුවන් නියෝජනය කරමින් නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles