කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 14,146   සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,790ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 19ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 12,499ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 365
  • පිරමල් ග්ලාස් සමාගම ‍රුපියල් මිලියන  88
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 75

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • රේණුක ෆුඩ්ස් සමාගම ® කොටස් මිලියන 25
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 50%
  • යූබී ෆිනෑන්ස් සමාගම 14%
  • ඩර්ඩන්ස් සමාගම (X) 09%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • කොකෝ සමාගම (R) මිලියන 25.5ක් රුපියල් 2.20 බැගින්
  • පිරමල් ග්ලාස් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 29.10 බැගින්
  • හේලීස් සමාගම කොටස් 250,000ක් රුපියල් 92.70 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 310
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 243
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 235

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 60ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 259ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 199ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන  තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 10
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලයන 09
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 122
  • පිරමල් ග්ලාස් සමාගම රුපියල් මිලියන 87
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles