spot_img
spot_imgspot_img

බළලෙක් නිසා කලබලයක්

පුවත්

විදෙස්

ජපානයේ හිරෝෂිමා ප්‍රාන්තයේ ෆුකුයාමා හි අනතුරුදායක රසායනික ද්‍රව්‍ය සහිත ටැංකියකට බළලෙකු වැටී ඇතැයි වාර්තා වීමත් සමග ප්‍රවේසම් වන ලෙස නගරවැසියන්ට අනතුරු අඟවා තිබේ.

බළලා කර්මාන්තශාලාවෙන් පිටතට ඇවිද යන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇති බවත් පොළවේ රසායනික ද්‍රව්‍ය තැවරුණු පා සටහන් දක්නට ලැබෙන බවත් ෆුකුයාමා බලධාරීහු පවසති. ටැංකියේ තිබූ රසායනික ද්‍රව්‍යය පිළිකාකාරයක් වන අතර ස්පර්ශ කළහොත් හෝ ආශ්වාස කළහොත් කුෂ්ඨ සහ දැවිල්ල ඇතිකළහැකි බව ඔවුහු පවසති.

සෝදිසි කිරීම් දැඩි කර ඇති නමුත් තවමත් බළලා සොයාගැනීමට නොහැකි වී ඇත. සත්වයා තවමත් ජීවතුන් අතරද යන්න පැහැදිලි නැතැයි ද බලධාරීහු පවසති.

ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ රසායනික අවදානම් තක්සේරුව පිළිබඳ විශේෂඥ පර්යේෂක ලින්ඩා ෂෙන්ක් පැවසුවේ “බළලාගේ ලොම් නිසා විශාල පිළිස්සුම් වලින් සම ආරක්ෂා කළත්, ඔවුන් ලොම් පිරිසිදු කිරීමට එය ලෙවකන නිසා රසායනික ද්‍රාවණය මුඛය තුළට ගමන් කිරීමට ඉඩ ඇති බවයි. “මගේ අනුමානය නම් බළලා අවාසනාවන්ත ලෙස මිය ගොස් නොමැතිනම් රසායනික පිළිස්සීමෙන් ඉක්මනින් මිය යනු ඇති බවයි.”

කර්මාන්තශාලා සේවකයින් සාමාන්‍යයෙන් ආරක්ෂිත ඇඳුම් අඳින අතර කාර්ය මණ්ඩලය අතර සෞඛ්‍ය ගැටළු කිසිවක් වාර්තා වී නොමැති බව සඳහන් වේ.

https://edition.cnn.com/2024/03/13/asia/japan-cat-hexavalent-chromium-search-intl-hnk/index.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!