spot_img

ශ්‍රී ලන්කන් ඒයාර් ලයින්ස්හි දැවැන්ත ණය මුදල ආණ්ඩුව ගෙවයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඇමරිකානු ඩොලර් කෝටි 51ක දැවැන්ත ණය ගෙවීමේ වගකීම ආණ්ඩුව බාරගත් බවත් ගුවන් සේවය තවත් මාස 6ක කාලයක් පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද (05) ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවට එක්වෙමින් ඹහු කියා සිටියේ තවත් මාස 6ක කාලයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවාවන් පවත්වාගෙන යාමට මුදල් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 510 ක හිඟ ණය රජයට උකහා ගැනීමේ යෝජනාවට ද කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ලැබෙන මුදලින් මෙම මුදල අයකරගැනීමට ද නියමිත බව ද ඔහු සඳහන් කළේය.  

ශ්‍රී ලන්කන් ඒයාර් ලයින්ස් සමාගම, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ලංකා බැංකුවට සහ මහජන බැංකුවට මෙලෙස ණය වී ඇති අතර ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර බැඳුම්කරයක් ද ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ලංසු කැඳවීම දින 45කින් දීර්ඝ කර ඇති බව ද ගුවන් සේවා අමාත්‍යවරයා අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles