1 C
New York

වකුගඩු රෝගීන්ගේ මරණ කිහිපයක් නිසා කුරුණෑගල රුධිර කාන්දු පෙරණ ඒකකය වසා දමයි

Published:

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයෙන් රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ලැබූ රෝගීන් කිහිප දෙනකු මියයාම හේතුවෙන් එම ඒකකය ඊයේ (23) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.

මාසයක පමණ කාලය තුළ එම ඒකකයෙන් රුධිර කාන්දුකරණයට ලක්කළ වකුගඩු රෝගීන් 05 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බව වාර්තා විය. මෙම මරණවලට හේතුව විෂබීජ ආසාදනයක් හෝ රුධිර කාන්දු පෙරණය සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යවල හෝ උපකරණවලට ගැටලුවක් ද යන්න සැක මතු වී ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂාකර තීරණයක් ගන්නා තුරු මෙලෙස ඒකකය වසා දැමා ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීවේය.

මෙම තත්වය පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කීවේය.

Related articles

Recent articles

spot_img