spot_img
spot_imgspot_img

නවලෝක රෝහල බැංකුවට සින්න වෙයි. විකුණා දැමීට අධිකරණයෙන් අවසර

පුවත්

විදෙස්

හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 63ක ණය මුදල සහ ඊට අදාල පොලිය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් හැටන් නැෂනල් බැංකුවට සින්න වී ඇති කොළඹ නවලෝක රෝහල විකුණා එම මුදල අයකරගැනීමට කොළඹ වාණිජ මහාධිකරණය අවසර ලබා දී තිබේ.

නවලෝක රෝහල් අයත් සමාගම විසින් අදාල ණය මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු විසින් ප්‍රදානය කරන ණය ආපසු අයකරගැනීමේ විශේෂ විධිවිධාන පනත අනුව ‍ඇපයට තබා තිබූ දේපළ සන්තකයට ගෙන ඉදිරි කටයුතු කිරීමට සැරසෙද්දී නවලෝක රෝහල් පාලන අධිකාරීය ඊට එරෙහිව අධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා තිබිණි. එම නියෝගය ලබා දී තිබූ අතර පසුව හැටන් නැෂනල් බැංකුව එම නියෝගයට එරෙහිව විරෝධතා ගොනු කර තිබිණි.

එම විරෝධතා සළකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ පනවා තිබූ වාරණ නියෝගය නිකුත් කරමින් නවලෝක රෝහල විකිණීමට හැටන් නැෂනල් බැංකුවට අවසර ලබාදුන්නේය.

මෙම නඩුව සඳහා හැටන් නැෂනල් බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රියන්ත අලගියවන්න කියා සිටියේ නවලෝක රෝහල විකුණා දැමීමට තම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවයි.

නවලෝක රෝහල ශ්‍රී ලංකාවේ ආරම්භ වූ පුද්ගලික රෝහල් අතරින් පැරණිතම රෝහලකි. 1985 දී ආරම්භ කරනු ලැබූ එම රෝහලේ නේවාසික රෝගීන් සඳහා ඇඳන් 400 ඉක්මවා යන පහසුකම් ඇති අතර කාර්ය මණ්ඩලය ද 1,000කට වැඩි ප්‍රමාණයක් සේවය කරයි. නවලෝක රෝහල සියලු  පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ රෝහලක් වන අතර එය මෙරට විශාලතම පුද්ගලික රෝහලක් ලෙස ද සැළකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!