spot_img
spot_imgspot_img

ඔන්ලයින් පනත ගැන ඇමරිකා තානාපති කියූ කතාව

පුවත්

විදෙස්

ජාත්‍යන්තර ප්‍රජාවගේ අවශ්‍යතාවලට සවන්දීම පමණක් නොව රටේ පුරවැසියන්ගේ අවශ්‍යතාවලට සවන්දීම ද වත්මන් ශ්‍රී ලංකා රජය සිදුකළ යුතු යැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චනග් පවසයි.

ඔන්ලයින් ආරක්ෂණ පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියාය.

දෝෂ සහිත ක්‍රියාවලිය, අභිප්‍රාය, භාෂණයේ නිදහසට ඇති විය හැකි බලපෑම යන අංශ තුන පිළිබඳව අවධානය යොමුකරමින් ඇය ඔන්ලයින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර ඇත.

එම පනත් කෙටුම්පත තුළ දෝෂ සහිත බවක් පෙන්වාදෙන බව අමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කර තිබේ.

පනත් කෙටුම්පතේ භාවිත කර ඇති පුළුල් අර්ථ දැක්වීම් ඔස්සේ කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි අන්තර්ජාල ප්‍රහාර වැනි ක්‍රියාවලට එරෙහිව සටන් කිරීමට අදහස් කෙරෙන නමුත් නීත්‍යානූකූල ප්‍රකාශනය සීමා කිරීම සඳහා එය අනිසි ලෙස භාවිත කළ හැකි වීම පිළිබඳ ඇය සිය කනස්සල්ල පළ කර ඇති බව සඳහන්ය.

පනත සංශෝධනය සඳහා ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර තුර පනතින් කළ හැකි බලපෑම පිළිබඳ අන්තර්ජාලයේ කථිකාවට සැබෑ විසඳුම් ලැබෙන්නේ දැයි ඇය ප්‍රශ්න කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!