spot_img
spot_imgspot_img

අවිධිමත්ව තෙල් බැහැර කළ නෞකාවෙන් කෝටි එකහමාරක් අයකර ගනී

පුවත්

විදෙස්

මෙරට මුහුදු සීමා­වේදී අවි­ධි­මත් ලෙස තෙල් මුදා­හැර සමුද්‍ර දූෂ­ණය සිදු කිරීම නිසා ‘එම්ටී ග්ලෝබල් ක්‍රෙස්ට්’ නෞකා­වෙන් රුපි­යල් කෝටි එක හමා­රක (මිලි­යන 15ක) දඩ මුද­ලක් සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රිය මඟින් අය කර­ගෙන තිබේ.

මේ නෞකාව සිදු කළ සමුද්‍ර දූෂ­ණය චන්ද්‍රිකා තාක්ෂ­ණය ඔස්සේ හඳු­නා­ගෙන ඇති අතර, චන්ද්‍රිකා තාක්ෂ­ණය ඔස්සේ තහ­වුරු කර­ගැ­නී­මෙන් පසු දඩ­යක් අය කර­ගත් පළමු අව­ස්ථාව මෙය වේ.

පසු­ගිය ජන­වාරි 26 දින මැලේ­සි­යාවේ කේලෑං වරායේ සිට එක්සත් අරාබි එමිර් රාජ්‍යය දක්වා ගමන් කර­මින් තිබූ මේ නෞකාව විසින් මෙම අවි­ධි­මත් තෙල් බැහැර කිරීම ශ්‍රී ලංකා සමුද්‍ර කලා­ප­යේදී සිදු කර ඇත. මේ බව චන්ද්‍රිකා තාක්ෂ­ණය ඔස්සේ තහ­වුරු කර­ගැ­නී­මෙන් පසු ප්‍රංශයේ CLS ආය­ත­නයේ විශ්ලේ­ෂ­ක­යන් පිරි­සක් සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රියේ නිල­ධා­රීන්ට දැනුම් දී තිබේ. මේ චන්ද්‍රිකා ඡායා­රූප නිරී­ක්ෂ­ණය කිරී­මේදී කි.මී. 11.25ක දිගින් යුත් තෙල් පැල්ල­මක් බවට තහ­වුරු කර­ගනු ලැබූ අතර, ඒ තෙල් පැල්ලම දළ වශ­යෙන් වර්ග කි.මී. 1ක් පමණ ප්‍රදේ­ශ­යක පැතිර විහි­දුණු තෙල් තට්ටු­වක් බවට නිරී­ක්ෂ­ණය වී ඇත.

ඒ අනුව වහා ක්‍රියා­ත්මක වූ සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රියේ නිල­ධා­රීන් පෙබ­ර­වාරි 6 දින නෞකාව වෙත ගොස් ඒ පිළි­බඳ විම­ර්ශ­නය කිරී­මට පිය­වර ගෙන තිබිණි.

ඒ වන විට අදාළ නෞකාව කොළඔ වරායේ සිට නාවික සැත­පුම් 11ක් පමණ දුරින් නැංගු­රම් ලා තිබුණු අතර, නෞකාව විසින් අවි­ධි­මත් ලෙස තෙල් බැහැර කිරී­මක් සිදු කර ඇති බව තහ­වුරු කර­ගැ­නී­මෙන් පසුව අධි­කා­රියේ නිල­ධා­රීන් එම නෞකා­වට රැඳ­වුම් නියෝ­ග­යක් නිකුත් කළේය.

2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැ­ක්වීමේ පනතේ 26 වග­න්ති­යට අනුව සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රි­ය විසින් ‘ග්ලෝබල් ක්‍රෙස්ට්’ නෞකා­වට නියම කරන ලද්දේ, රුපි­යල් මිලි­යන 15ක දඩ මුද­ලක් හා එම නෞකාව පරීක්ෂා කිරී­මට වැය වූ මුදල ගෙවන ලෙසයි. පසු­ගිය පෙබ­ර­වාරි 9 දින අදාළ දඩ මුදල සහ අධි­කා­රිය විසින් දරනු ලැබූ විය­දම් ‘ග්ලෝබල් ක්‍රෙස්ට්’ නෞකාව විසින් පිය­වී­මෙන් පසු ඒ නෞකාව රැඳ­වුම් නියෝ­ග­යෙන් නිද­හස් කිරී­මට පිය­වර ගන්නා ලදි.

මේ චන්ද්‍රිකා විශ්ලේ­ෂණ ඡායා­රූප CLS (Collected Localization satellite) ආය­ත­නය මඟින් සප­යන අතර, සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රිය හා CLS ආය­ත­නය සමඟ අත්සන් කරන ලද ගිවි­සුම අනුව වස­රක කාල­යක් සඳහා මේ චන්ද්‍රිකා විශ්ලේ­ෂණ ඡායා­රූප සප­යනු ලබයි. මෙවැනි දිගු කාලීන ව්‍යාපෘ­ති­යක අව­ශ්‍ය­තා­වද මෙම­ඟින් පිළි­බිඹු වන බව සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රියේ සභා­පති නීතිඥ අසේල බී. රැකව මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!