6.8 C
New York

සිසුවියට අතවර කළ ගුරුවරයාට ලැබුණු දඬුවම

Published:

පාසල් සිසුවියකට අවස්ථා තුනක දී ලිංගික අතවර කළා යැයි චෝදනා ලැබ සිටි පාසල් ගුරුවරයකු එම චෝදනාවලට වරදකරු බවට තීරණය වූයෙන් වසර 17ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.

මෙලෙස  දඬුවම් නියම කරන ලද්දේ නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසුරිය විසිනි.

2019 වර්ෂයේ දී සිදුවූ මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගයෙන් අනතුරුව පසුගිය 14 වැනි දා මෙලෙස සිරදඬුවම් නියම වූයේ හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ගුරුවරයකුටය .

එම වරදකරුට වසර 17 බරපතල වැඩ සහිත සිරඳඩුවමට අමතරව අදාළ පාසල් සිසුවියට රුපියල් ලක්ෂ 05ක වන්දියක් සහ අධීකරණයට රුපියල් 25,000.00ක ඩයක් ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

Related articles

Recent articles

spot_img