spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 8,356ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 961ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 36ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,568ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 121
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 106
  • ‍කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 81

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බේරුවල රිසෝට් සමාගම කොටස් මිලියන 2.9
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 2.0
  • සම්පත් බැංකුව කොටස් මිලියන 1.6

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 50%
  • ඩයමන්ඩ් සමාගම (N) 33%
  • සෙලාන් මර්චන්ට් බැංකුව (N) 20%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • කාර්ගීල්ස් සමාගම කොටස් 222,000ක් රුපියල් 332.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 150,000ක් රුපියල් 188.50 බැගින්
  • එල්‍ඕඑල්සී සමාගම‍ෙ කාටන් 74,000ක් රුපියල් 318.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 261
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 260
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 86ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 178ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 92ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 15
  • හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 03
  • ලාෆ් ගෑස් සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 31
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 25
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 20

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!