spot_img
spot_imgspot_img

වෛද්‍යවරයකු පැහැරගෙන කප්පම් ඉල්ලූ, ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට

පුවත්

විදෙස්

බදුල්ල ප්‍රදේශයේ පදිංචි විශේෂඥ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු පැහැරගෙන මීටියාගොඩ ප්‍රදේශයේ රඳවාගෙන මරණ තර්ජන කරමින් කප්පම් ඉල්ලූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන  වෛද්‍යවරයා ද මුදාගත් බව පොලිසිය පවසයි.

විශේෂඥඥ වෛද්‍යවරයාගෙන් කප්පම් ඉල්ලා ඇත්තේ උපකාරක පන්ති ගුරුවරයකු බව ද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

එම ගුරුවරයා විසින් වෛද්‍යවරයාට දුරකථනයෙන් කතා කරමින් ඔහු රවටා මීටියාගොඩ ප්‍රදේශයට ගෙන්වාගෙන බලත්කාරයෙන් වෙනත් රථයකට නංවාගෙන නිවසක සිරකරගෙන රුපියල් ලක්ෂ 40ක කප්පම් ඉල්ලා ඇතැයි පැවසේ. තමන් මීට පෙර මිනිස් ඝාතන කර ඇති බවත් අනාවරණය වී ඇත. කප්පම් ලබාදීමට කාලයක් ලබා දී තිබී ඇති අතර වෛද්‍යවරයා දින දෙකහමාරක් පුරා රඳවාගෙන සිට ඇත. පොලිසිය පවසන්නේ වෛද්‍යවරයා මුදා ගන්නා අවස්ථාව වනවිට ඔහුට ලබා දී තිබූ කාලයෙන් තවත් ඉතිරිව තිබුණේ පැය 04ක් පමණක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!