බදු වැඩිකිරීමෙන්, රජය අපේක්ෂිත ආදායමෙන් 40%ක් ම ආරක්ෂක අංශවලට ආහාර සහ නිල ඇඳුම් සැපයීම සඳහා අමතරව ලබා දී ඇතැයි publicfinance.lk වෙබ් අඩවිය පෙන්වා දෙයි.
2022 වර්ෂයේ දී ආරක්ෂක අංශවල ආහාර සහ නිල ඇඳුම් සඳහා වෙන්කර තිබූ මුදල රුපියල් බිලියන 29කි. එය 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 62ක් දක්වා ඉහළ දමා ඇති අතර 2024 වර්ෂයේ දී බිලියන 105ක් දක්වා ඉහළ දමා තිබේ. ඒ අනුව 2022 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දී ආරක්ෂක අංශවල නිල ඇඳුම් සහ ආහාර පාන සඳහා අමතර වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 75කි. එම ප්‍රමාණය රජය බදු ඉහළ දැමීමෙන් අපේක්ෂිත ආදායමෙන් 40%ක් තරම් විශාල මුදලක් වෙයි.
මෙය සිදුවිය යුතු දෙයක් ද ? එමෙන් ම ජනතාවගෙන් බදු අයකර සිදුකළ යුතු දෙයක් ද යන්න එම වෙබ් අඩවිය ප්‍රශ්න කරයි.
2024 වර්ෂයේ අයවැය විවාදයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ දැනට ලක්ෂ 02ක් ඉක්මවන යුද හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 2024 වර්ෂයේ අවසානය වන විට 135,000ක් දක්වා අඩු කිරීමට සැළසුම් කර ඇති බවයි.
2024 වර්ෂයේ අයවැයෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සඳහා වෙන්කර ඇති සමස්ත මුදල රුපියල් බිලියන 564ක් වෙද්දී රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන්කර ඇති සමස්ත මුදල රුපියල් බිලියන 237ක් පමණි. එමෙන් ම සෞඛ්‍යය ක්ෂේත්‍රය සඳහා වෙන්කර ඇති සමස්ත මුදල රුපියල් බිලියන 410කි.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය මෙන්ම ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ සැළකූ විට රටේ ආරක්ෂක අංශවලට නිල ඇඳුම් සහ ආහාර ලබාදීම සඳහා අධ්‍යාපනයට වෙන්කළ මුදල මෙන් 31.64%ක් වෙනකළ යුතු ද ? සෞඛ්‍යයට වෙන්කරන මුදල මෙන් 18.29%ක් වෙන්කළ යුතු ද යන්න ගැටලුවකි.
මේ සඳහා ජනතාව විසඳුම් සෙවිය යුතුව ඇත.