spot_img
spot_imgspot_img

දූරියන් රකින්න දැමූ විදුලි රැහැන තරුණ ජීවිතයක් අහිමිකරයි

පුවත්

විදෙස්

ගස්වල ඇති දූරියන් ගෙඩි ආරක්ෂා කරගැනීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක ගැටී තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වටප්පිටිය, පරකඩුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකි.

බටහිර පත්බේරිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක තිබී ඔහුගේ මළ සිරුර හමු වී ඇති අතර එක් පාදයක පිළිස්සුම් තුවාල සහිතව වැටී සිටි බව ඇහැලියගොඩ පොලිසිය පවසයි.

එම ඉඩමේ හිමිකරු විසින් දූරියන් ඵලදාව ආරක්ෂා කරගැනීම සඳහා ඉඩමට විදුල් රැහැන් ඇද තිබූ බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ඒ අනුව ඉඩමේ හිමිකරු වූ 51 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ඇහැලියගොඩ පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!