රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් සිටි අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ලංකා ජයරත්නට වහාම එම දේපළ පරිහරණය නවත්වා එහි අයිතිය අතහැර 2024-01-12 වැනි දින වනවිට ඉවත්වන ලෙස නියෝග කළ උඩපලාත ප්‍රාදේශීය ේකම් ආත්මා දිලුක්ෂි ජයරත්නට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවක් ලබාදීමට මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කර තිබේ.
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් විසින් 2024-01-26 දිනැතිව ඔහුගේ අංක KDS/1/36/2/2 දරණ ලිපිය ආත්මා දිලුක්ෂි ජයරත්න වෙත යවමින් දැනුම් දී ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ගේ අංක HA/02/30/02/04/51 සහ 2024-01-26 ස්ථාන මාරු නියෝගය අනුව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්ගේ අංක 75/10/4535 හා 2024-01-26 දිනැති ලිපිය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති 263 (iii) අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශයේ අභ්‍යන්තර පාලන අංශය වෙත ස්ථාන මාරු කර ඇති බවයි.
හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්නගේ පුත්‍රයා වන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ලංකා ජයරත්න රජයට අයත් හෙක්ටයාර 0.3283ක් පමණ වූ බිම් කොටසක් අයථා ලෙස පරිහරණය කර ඇති බැවින් ඊට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරිය රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබිණි.
එම රජයේ ඉඩම අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධයස්ථානයක් ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයන ආදායම පුද්ලිකව රාජ්‍ය අමාත්‍යවරයා විසින් පුද්ගලිකව පරිහරණය කරන බව සනාථවීම හේතුවෙන් එම දේපල සන්තකය බැහැර කරන්න යැයි උඩපලාත ප්‍රාදේශීය ලේකම්වරිය විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.
1981 අංක 08 හා 1983 අංක 29 දරණ පනත්වලින් සංහෝධිත 1979 අංක 07 දරණ රජයේ ඉඩම් (සන්තකය ආපසු ගැනීම) පනත අ” ආක්‍රිතිය අනුව අස්කිරීමේ දැන්වීම ඇය විසින් එම දෙපළ තුළ අලවන ලදී.
එහි මෙසේ දැක්වේ.
“රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනතේ කාර්ය සඳහා නිසි බලධරයකු වූ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න වන මම අනුරාධ ලංකා ජයරත්න වන ඔබ මෙහි උපලේඛණයේ විස්ත කර ඇති රජයේ ඉඩමෙහි අනවසරයෙන් සන්තකය දරණ බව මගේ මතය හෙයින් එම පනතේ 03වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර (අ) ඒ ඉඩම් නිරවුල් සන්තකය 2024-02-12 වන දින හෝ එදිනට පෙර මේ පනතේ කාර්යයන් සඳහා නියම බලධරයකු වන මා වෙත හෝ 1164 අංගම්මන බටහිර වසමේ ග්‍රාම නිලධාරී වඩුගෙදර චමින්ද ප්‍රභාත් භාර දෙන ලෙස අනුරාධ ලංකා ජයරත්න වන ඔබට නියම කරමි”
රජයේ ඉඩම් නීති විරෝධී ලෙස භුක්ති විඳිමින් රජයේ මුදල් යොදා ඉදිකිරීම් සිදුකර ඒවායින් ආදායම් ලැබූ රාජ්‍ය ඇමතිවරුන්ගෙන් එම ඉඩම් නැවත අත්පත් කරගැනීමට ගිය රාජ්‍ය නිලධාරීන්ට දැන් සිදුව ඇත්තේ ස්ථානමාරුවීම්වලට යටත් වීමටයි.
ඇමතිතුමනි
ස්වභාවධර්මය දඬුවම් දීම අරඹා ඇත. ප්‍රවේශමෙන්,,,,
සක්කිලි සීස්ටම් එක වෙනස් කලයුතුමයි.