කොලොම්බියාවේ වයඹදිග චෝකෝ ප්‍රදේශයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. කාළගුණ අංශ සඳහන් කළේ එම ප්‍රදේශයට පැය 24ක අධික වර්ෂාපතනයක් පැවතී බවයි.
තුවාල ලැබූ සංඛ්‍යාව කොපමණ දැයි නවතම වාර්තාව සඳහන් කර නැත.
ක්විබ්ඩෝ සහ මෙඩෙලින් නගර අතර මාර්ගයක මෙම නායයෑම් සිදුවී ඇති බව කොලොම්බියාවේ උප ජනාධිපති ෆ්රැන්සියා මාකේස් ප්‍රකාශ කළේය.
අවම වශයෙන් සිරුරු 17ක් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා මෙඩලින් වෙත මාරු කර ඇති බව බලධාරීහු පවසති.