spot_img
spot_imgspot_img

අභිරහසක් ඉතුරු කරපු, ඇඟිලි තුනේ පාද සහිත සතුන් කවුද ?

පුවත්

විදෙස්

වසර මිලියන 200කට පෙර කුරුල්ලන්ට සමාන පාද ඇති සතුන් පෘථිවියේ ඇවිදිමින් සිටි බව විද්‍යාඥයෝ පවසති.

විශේෂඥයන් ට්‍රයිසෞරොපොඩිස්කස් (Trisauropodiscus) ලෙස හඳුන්වන පුරාණ පා සටහන් විශ්ලේෂණය කිරීමෙන් මේ බව අනාවරණය කර ඇත. ඔවුන් පවසන්නේ මෙම ජීවීන්ගේ පාදවල ඇඟිලි තුනක් පමණක් තිබී ඇති බවයි. 

මෙම පා සටහන් තැබුවේ කවර සත්ව විශේෂයක් ද යන්න මෙතෙක් තහවරු කරගෙන නැති නමුත් විද්‍යාඥයන් පවසන්නේ ඒවා ඩයිනෝසෝරයෙකු හෝ උරගයෙකු විසින් තැබූ පා සටහන් බවයි

Plos One සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මේ සම්බන්ධ පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ  කුරුල්ලන් වැනි පාද සිතුවාට වඩා බොහෝ කලකට පෙර පරිණාමය වී ඇති බවත්, සමහර විට වසර මිලියන 60 කට පෙර පරිණාමය වී ඇති බවත් ය. මෙය කුරුල්ලන්ගේ බිහිවීම පිළිබඳ නව අදහසක් සඳහා යොමුකරන්නක් විය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දී තිබේ.

පර්යේෂකයන් මෙසේ කියයි.

“පෘථිවියේ හමුවන විශේෂ 10,000ක් පමණ ප්‍රමාණයකින් සමන්විත ප්‍රධාන සත්ව කාණ්ඩයක් වන කුරුල්ලන්ගේ මුල් පරිනාමීය ඉතිහාසය තවමත් අභිරහසක්. මේ සොයාගැනීම් ඒ අභිරහස් විසඳීමට යොදා ගත හැකිවේවි.”

කණ්ඩායම පා සටහන් කට්ටල අතර එකිනෙකට වෙනස් ලක්ෂණ දෙකක් හඳුනාගෙන ඇත. ඉන් පළමුවැන්න පක්ෂි නොවන ඩයිනෝසර පා සටහන්වලට සමාන වූ අතර දෙවැන්න ප්‍රමාණයෙන් හා සමානුපාතිකව නූතන කුරුලු පා සටහන්වලට සමාන විය.

පර්යේෂකයන් පවසන්නේ මෙම පා සළකුණු ඩයිනෝසෝරයන් විසින් තබන ලද ඒවා විය හැකි නමුත් ඒවා කුරුල්ලන්ට සමාන පාද ඇති බවට පරිණාමය වූ වෙනත් උරගයන්ගෙන් ද පැමිණිය හැකි බවයි.

වසර මිලියන 210 කට හෙවත් අදින් වසර ලක්ෂ 2,100කට වඩා පැරණි, පා සටහන් සැබෑ පක්ෂීන්ගේ පැරණිතම ෆොසිලවලට වඩා වසර මිලියන 60 ක් පැරණි බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ.

“Trisauropodiscus පා සළකුණු හැඩය නවීන හා වඩාත් මෑතකාලීන ෆොසිලගත පක්ෂීන්ගේ සළකුණුවලට අනුකූල වේ, නමුත් එය ට්‍රයිසෞරොපොඩිස්කස් සළකුණු කරන ලද කුරුල්ලෙකුගේ පාදයක් සහිත ඩයිනෝසෝරයෙකු විය හැකිය.” යනුවෙන් ද පර්යේෂකයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!