spot_img
spot_imgspot_img

ඡන්දය ඉල්ලීමට ගිය, රාජ්‍ය නිලධාාරීන්ට වරප්‍රසාද රැසක්

පුවත්

විදෙස්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ රාජ්‍ය නිලධාරීන්නට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිවිව ඇතැයි වාර්තා වේ.

දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට ‍මෙම සහනය ලබාදීමට ඒ සඳහා පත්කරන ලද කමිටුවක් විසින් නිර්දේශ කර ඇත.

පලාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමකය් නොමැතිව කල් තැබීම හේතුවෙන් එම ඡන්දයට ඉදිරිපත්වීමට සිටි රාජ්‍ය නිලධාරීන් ගැටලුවලට මුහුණ දුන් බැවින් එ්වා විසඳීමට කමිටුවක් පත්කරන්න යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට වෙත දැනුම් දී තිබිණි. එම දැනුම් දීමට අනුව පත්කරන කමිටුව ලබාදුන් නිර්දේශවලට අමාත්‍ය මණඩල අනුමැතිය හිමි වී තිබේ.

ඡන්ද බල ප්‍රදේශයෙන් පිටත සේවා ස්ථානයක් වෙත මාරුකර යවා ඇති නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් කරන්නේ නම් එම ආයතන ප්‍රධානීන් විසින් ඒ පිළිබඳ සළකා බලා අදාළ සේවා ස්ථානයේ දේශපාලන කාර්යයන්වල හෝ දේශපාලන ප්‍රචාරණ ප්‍රවර්ධන කාර්යයන්වල හෝ නිරත නොවෙමින් කටයුතු කරන බවට එම නිලධාරීන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව තන්සේවය කළ ස්ථානයේ ම සේවයට වාර්තා කිරීමට අවස්ථාව හිමිවේ.

එමෙන් ම 2023 අප්‍රේල් මස 25 වැනි දින සිට මැයි 08 වැනි දා දක්වා කාල‍ය සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දී ඇතැයි සළකමින් මූලික වැටුප එම දින සඳහා ගෙවීමට ද අනුමැතිය හිමිව ඇත.

2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර දී ඇති දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධාරීන්ට 2023 මැයි 08 වැනි දින නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 07/2023 අනුව අනිවාර්යයෙන් සේවයට වාර්තා කිරීමට නියම කර ඇත.

මෙයට අදාල චක්‍රලේඛ කඩිනමින් නිකුත් කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!