spot_img
spot_imgspot_img

“අපි ගෝඨාට කඩේ ගියා, අනේ ඉතින් කණගාටුයි” යට ඇඳුම් පමණක් ඉතිරි වූ පොලිසියයි, හමුදාවයි කියයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරඟයක් අතරතුර ගාලු කොටු බැම්ම මතට නැග එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ රජයට එරෙහිව විරෝධතාවක නිරතවීමට සූදානම් වූ නීතිඥයන් ඇතුළු පිරිසකට බාධා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාව අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී එම නීතිඥවරු පිරිසට සිය කණගාටුව ප්‍රකාශ කළහ.

මෙලෙස කණගාටුව ප්‍රකාශ කරන ලද්දේ එම බාධා කිරීම හේතුවෙන්, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන පහක වන්දියක් වගඋත්තරකරුවන් ගෙන් අය කර දෙන ලෙසත් ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ දී ය.

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා, ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් සිය කණගාටුව පළ කරන බව සඳහන් කළාය.

ඒ අනුව අදාළ පෙත්සම් සමථයට පත් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එකඟතාවය පළ කළහ.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නීතිඥ නලනි මනතුංග ඇතුළු ගාල්ල ප්‍රදේශයේ පදිංචි නීතිඥවරු 11 දෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

2022 වසරේ ජූලි මස 01 වනදා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරගාවලිය අතරතුර ගාලු කොටුව ප්‍රදේශයට ඇතුළු වී සාමකාමී විරෝධතාවයක නිරත වීමට තමන් සූදානම් වූ බව පෙත්සම්කරුවෝ කියා සිටියහ.

එම අවස්ථාවේදී අදාළ ස්ථානයට කඩා වැදුණු පොලිස් සහ හමුදා නිලධාරීන් විරෝධතා පුවරු බලහත්කාරයෙන් ඉවත් කරමින් සාමකාමී උද්ඝෝෂණයට බාධා සිදුකළ බවත් පෙත්සන්කරුවෝ චෝදනා කළහ.

එදා සිදුවීමට අදාල වීඩියෝව මෙතැනින්

2022 ජූලි 01 වැනි දා සිදුවීමට අදාල පුවත මෙතැනින්

ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීම සම්බන්ධ පුවත මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!