spot_img
spot_imgspot_img

ගාල්ලේ දී පොලිසියේ යට ඇඳුම් පමණක් ඉතිරිවෙයි. නීතිඥයෝ රෙදි ගලවති (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

“පොලිසි‍යේ මහත්වරු ඇඳන් ඉන්න යට ඇඳුම ඇරෙන්න අනිත් ඔක්කොම අරන් දෙන්නේ මේ රටේ බදු ගෙවන ජනතාව. මේ ජනතාවට හිමි මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න එපා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න ඉන්න පොලිස් නිලධාරීන් රාජපක්ෂලාට කඩේ යමින් ඒක විනාශ කරන්න එපා” යැයි ගාල්ලේ නීතිඥයෝ අද (01) ගාල්ල කොටු පවුර මත දී පොලිසියට කීහ.

ඒ ගාල්ල කොටු පවුර මතට පැමිණ සාමකාමී උද්ඝෝෂණයක නිරතවීමට උත්සාහ ගත් ජනතාවට පොලිසිය කළ අවස්ථාවේ දී ය. පසුගිය දින දෙකේ දී ම එලෙස උද්ඝෝෂණ පැවැත්වූ ජනතාවට ආයුධ සන්නද්ධ යුද හමුදා නිලධාරීන් බාධා කළ අතර ‍අද පොලිසිය කල්වේලා ඇතිව ම පැමිණ මාර්ග බාධක යොදා  කොටුවට පැමිණීම අවහිර කර තිබිණි.

උද්ඝෝෂණය සඳහා විශාල ජනකායක් අද එහි පැමිණි අතර ඔවුන්ට පොලිසිය බාධා කිරීමත් සමඟ නීතිඥවරු රැසක් ද එහි පැමිණ පොලිසිය කරන අනීතික ක්‍රියාව තරයේ හෙළා දකිමින් කරුණු පැහැදිළි කළහ.

එවිට පොලිසිය සඳහන් කළේ ගාලු කොටු පවුර මත ගැටලුකාරී තත්වයක් ඇතිවිය හැකියැයි කොළඹින් දැනුම්දීමක් ලැබී ඇති බැවින් තමන් එම නියෝගය ක්‍රියාත්මක කරන බවයි. නමුත් ජනතාවට නිදහසේ ඇවිදීමට කොටුව මත ඇති අයිතියට බාධා කරමින් එය වැළැක්වීමට උසාවි නියෝගයක් ගෙන ඇත්දැයි විමසූ විට පොලිසිය නිරුත්තර වූයේය.

මේ ගැටුම්කාරී තත්වය සමඟ පොලිසිය එම ස්ථානයට කැරළි මර්ධන ඒකකය ද කැඳවමින් සිටි අතර, අමතර යකඩ බට ගෙනවිත් කොටුවේ පිවිසුම් වසා වැටවල් ඉදිකිරීමට ද කටයුතු යොදමින් තිබිණි.

මේ අතර ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමත් අවසන් වූ අතර ඕස්ට්‍රේලියාවට තරඟය ජයගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 05ක් පමණි. තරඟය සුළු වේලාවකින් අවසන්වන බැවින් උද්ඝෝෂකයෝ  පොලිසියට කොටුව පරෙස්සම් කරගෙන ඉන්න යැයි පවසමින් පෙළපාලියකින් ගාලු නගරයට පිවිසියහ. මේ වනවිට ගාල්ල නගරයේ එම පෙළපාලිය ගමන් කරමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!