spot_img
spot_imgspot_img

දරුණුම ඩයිනෝසරයකුගේ, ආහාරවේල ගැන අනාවරණයක්

පුවත්

විදෙස්

අදින් වසර ලක්ෂ 750කට පෙර මියගිය ටිරන්නෝසෝරයා (tyrannosaur’s) වර්ගයේ ඩයිනෝසරයකුගේ ෆොසිලයක තිබී එම සත්තවයාගේ අවසන් ආහාරවේල හඳුනාගත හැකි වූ බව විද්‍යාඥයෝ කියති.

සයස් ඇඩ්වාන්ස් නමැති ජාත්‍යන්තර විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇති එම පර්යේෂණයේ දැක්වෙන්නේ එම ආහාර අතර ඩයිනෝසර පැටවුන් දෙදෙනකුට අයත් පසුපස ගාත්‍රා තිබූ බවයි.

ලොව මෙතෙක් සොයාගත් ඩයිනෝසරයන්ගේ ආහාර පිළිබඳ සාක්ෂි ෆොසිල අතර සංරක්ෂණය වී ඇත්තේ කලාතුරකිනි. මෙ‍වැනි සාක්ෂියක් ටිරන්නෝසෝරස් සත්වයකුගේ උදරයෙන් හමු වූ පළමු අවස්ථාව මෙයයි.

එබැවින්  මෙම සොයාගැනීම ඉතාමත් ආකර්ශනයී බව එම පර්යේෂණ කණ්ඩායමේසාමාජික ඇල්බර්ටා හි කැල්ගරි විශ්වවිධයාලයේ සහකාර මහාචාර්ය ඩාර්ලා සෙලෙනිට්ස්කි පවසයි.

“ටිරන්නෝසෝරයන් යනු ක්‍රිටේසියස් යුගයේ අගභාගයේ දී ඇල්බර්ටා සහ උතුරු ඇමරිකාවේ සැරිසැරූ ඉතා ආක්‍රමණශීලී මාංශ භක්ෂක සත්ව විශේෂයකි. ඩයිනෝසරයන් සම්බන්ධ චිත්‍රපටවල අප දැක ඇති දරුණුම විලෝපික සත්වයන් මොවුන් ලෙස හැඳින්විය හැකියි. ඉතා කෙටි ඇත් සහිතව කකුල් දෙකෙන් වේගයෙන් දිව යන සත්ව විශේෂයක්”

මෙම ටිරන්නෝසෝරයා, මියයන විට අඩි 13ක් පමණ විශාලත්වයෙන් යුතු සත්වයෙක් ලෙස හඳුනාගෙන තිබේ. එනම් වයස අවුරුදු 5-7ත් අතර වූ සත්වයෙකි.

එම සත්වයාගේ උදරයේ තිබී දැන් ෆොසිල බවට පත්ව ඇති අවසන් ආහාරවේල අනුව පෙනී යන්නේ කුඩා කුරුල්ලන් වැනි ඩයිනෝසරයන්ගේ පසුපස කොටස් පමණක් ආහාරයට ගෙන ඇති බවයි. විද්‍යාඥයන් පවසන්නේ එම ආහාර වේලේ වෙනත් අස්ථි කොටස් කිසිවක් නොමැති බවයි.

“මෙම ටිරන්නෝසේාරයා සතුන් මරා දමා පසුපස කොටස පමණක් කා දමා තවත් ගොදුරක් පසුපස එළවාගෙන යන්න ඇති.” විද්‍යාඥයන්ගේ මතය එයයි.

ටිරන්නෝසෝරයාගේ උදරයේ අන්තර්ගතය සංරක්ෂණය වී ඇති බව ක්ෂණිකව හඳුනාගෙනනැත. නමුත් ඇල්බර්ටා හි ඩ්‍රම්හෙලර් හි රාජකීය ටයිරෙල් කෞතුකාගාරයේ කාර්ය මණ්ඩලය විද්‍යාගාරයේ ෆොසිල සකස් කිරීමේ දී කුඩා නෙරා එන අස්ථි දුටු අතර සමීපව බැලීමට උගේ ඉළ ඇට ආසන්නයේ තිබූ ගලක් ඉවත්කර තිබිණි.

“මේ කොටස ඉවත්කළවිට, අවුරුද්දකට අඩු ඩයිනොසෝර පැටවුන් දෙදෙනෙකුගේ සම්පූර්ණ පසුපස කකුල් දෙකම උගේ බඩේ තිබෙනු දුටුවා” යැයි කෞතුකාගාරයේ ඩයිනොසෝර අස්ථි භාරකරු, මෙම පර්යේෂණයේ සම කතුවරයා වන ෆ්‍රැන්කොයිස් තෙරියන් පැවසීය.

ෆොසිලීකරණය වූ අස්ථිවලින් ලබාගත් තුනී කොටස් විශ්ලේෂණය කිරීමෙන් විලෝපිකයාගේ සහ ගොදුරේ වයස තීරණය කිරීමට පාෂාණ විද්‍යාඥයින්ට හැකි විය.

“ගහක වළලු වගේ වර්ධන ලකුණු තියෙනවා. අස්ථිවල ව්‍යුහය දෙස බැලීමෙන් ඩයිනෝසෝරයෙකුගේ වයස කොපමණ දැයි අපට පැවසිය හැකියි , ”සෙලනිට්ස්කි පැවසීය.

ආහාර වේල උදරයේ තබාගෙන ම මියගොස් ඇති ටිරන්නෝසෝරයා යෞවන වියට පිවිසෙමින් සිටින සත්වයෙකි. එබැවින් එවැනි යෞවනයන්ට සිය පරපුරේ වැඩුණු ශක්තිමත් ඩයිනෝසරයන්ට වඩා වෙනස් වූ ආහාර රටාවක් තිබෙන්නට ඇතැයි විද්‍යාඥයන් මීට ඉහත දී ද උපකල්පනය කර තිබූ නමුත් ඒ බව සනාථ කිරීමට හොඳ සාක්ෂියක් ලැබී තිබුණේ නැත.

නමුත් මෙය ඉතාමත් පැහැදිළි සාක්ෂියකි.

මෙවැනි වැඩුණු සත්වයකුට තම ගොදුරු කා දැමීමේ දී ඒවායේ ඇති ඇටකටු විනාශ කර දැමීමට තරම් ශක්තියක් ඇති බැවින් ඔවුන් ගොදුරු හොදින් සපා කෑ බව විද්‍යාඥයන්ගේ මතය වී තිබිණි. නමුත් මේ යොවුන් ටිරන්නෝසොරයා එතරම් තදින් තම ගොදුර කා දමා නැති බව උදරයේ රැඳී තිබුණු වෙනත් සතුන්ගේ අස්ථි හොඳින් තිබීමෙන් ම පෙනී යයි.

ටිරන්නෝසෝරයාගේ උදර කුහරයේ අන්තර්ගතයෙන් හෙළි වූයේ ඔවුන් මෙවැනි වයසේ දී වේගයෙන්, කුඩා ගොදුරු දඩයම් කරන බවයි. විලෝපිකයාගේ සිරුර තවමත් විශාල ගොදුරක් සඳහා සුදුසු නොවීම නිසා විය හැකි බව සෙලෙනිට්ස්කි පැවසීය.

“ටිරන්නෝසෝරයන් සිහින් ස්වරූපවල සිට මෙම ශක්තිමත්, අස්ථි බිඳෙන ඩයිනෝසෝරයන් දක්වා වර්ධනය අතරතුර ඔවුන්ගේ ආහාර රටාව බොහෝ වෙනස් වූ බව හොඳින් පෙනී යනවා. මෙම වෙනස පෝෂණය කිරීමේ හැසිරීම හා සම්බන්ධ බව අපි දනිමු.” යයි විද්‍යාඥයන් කියයි.

ගොදුර සමඟමියගොස් ඇති යෞවන ටිරන්නෝසෝරයා ඔවුන්ගේ වැඩිහිටියකුගේ ස්කන්ධයෙන් 10%ක් තරම් කුඩා ඩයිනෝසරයෙකි.

https://edition.cnn.com/2023/12/08/americas/tyrannosaur-fossil-discovery-scn/index.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!