spot_img
spot_imgspot_img

පොලිස්පති අර්බුදය – තට්ටුමාරු ක්‍රමයට විසඳීමට උත්සාහයක් ?

පුවත්

විදෙස්

පොලිස්පතිවරයකු පත්කර ගත නොහැකිව අර්බුදයක හිරවී සිටින රජය පොලිස්පතිවරයකු විශ්‍රාම යාමේ ක්‍රමය වෙනස් කර එය තට්ටුමාරු ක්‍රමයට ලබා දීමේ සැළැස්මක් ඇතැයි වාර්තා වේ.

පොලිස්පතිධූරයට පත්වන තැනැත්තෙකුට ඔහු ගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම යනතුරු ධූරයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවෙයි. නමුත් එම ක්‍රමය වෙනස්කර පොලිස්පති ධූර කාලය වසර 03කට සීමා කිරිමට ආණ්ඩුව සැළසුම් සකස් කරමින් සිටියි.

මේ වන විට පොලිස්පති ධූරය සදහා යෝජනා වී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතරින් නිලන්ත ජයවර්ධන, දේශබන්දු තෙන්නකෝන් සහ ලලිත් පතිනායක යන අය එකම කණ්ඩායමකට අයත් වන අතර, ඔවුන් අතරින් අයකු පොලිස්පති ධූරය සදහා පත්කළහොත් විශ්‍රාම යෑමේ වයස වන අවුරුදු 60 දක්වා වසර 08 කට ආසන්න කාලයක් ධූරයේ කටයුතු කිරීමට අවස්ථාව සැලසේ.

මෙහිදී එම කණ්ඩායමේ සෙසු නිළධාරීන්ගේ මෙන්ම පහළ කණ්ඩායම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ අවස්ථා අහිමි වන අතර, පවතින තත්වය තුළ පොලිස්පති ධූරය වසර 03 කට සීමාකිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

එක් නිලධාරියකු දීර්ඝ කාලයක් පොලිස්පති ධූරය දැරීම හරහා මතුවිය හැකි ගැටලු අවම කිරීම ද මෙම නව ක්‍රමය යෝජනා කිරීමට හේතුවී ඇති බව පැවැසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!