spot_img
spot_imgspot_img

මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්

පුවත්

විදෙස්

මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන 2008 වර්ෂයේ දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හතර දෙනකුට ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් අද (25) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.

එම ඝාතනයේ පස්වැනි වරදකරුට වසර 03ක සිරදඬුවමක් නියම කර තිබේ.

මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ රවී කපූර්, අමිත් ශුක්ලා, බල්ජීත් මලික් සහ අජේ කුමාර් යන සිව්දෙනාටය. අජේ සෙති හට වසර තුනක සිරදඬුවම හිමිවිය.

ඉන්දියාවේ රූපවාහිනී මාධ්‍යවේදිනියක වූ සෞම්‍යා විශ්වනාදන් 25 වැනි වියේ පසුවෙද්දී 2008 සැප්තැම්බර් මස 30  වැනි දා ඝාතනයට ලක්ව තිබිණි. එදින උණුසුම් පුවත් විකාශය සදහා රාත්‍රී කාලයේ සිය මාධ්‍ය ආයතනයේ රැඳී සිටි ඇය අලුයම 3.00ට පමණ තම මෝටර් රථයෙන් නිවස බලා පිටත්ව ගොස් ඇත. ඇය තනිව මෝටර් රථය පදවාගෙන යන බව දුටු පිරිස ඇය ලුහුබැඳ මෝටර් රථය නතර කරගැනීමට උත්සාහ ගෙන තිබේ. එම අවස්ථාවේ දී ඇය නොනවත්වා ධාවනය කළ බැවින් එම පිරිස ඇයට වෙඩි තබා ඇති අතර වෙඩි තැබීමේන ඇයගේ හිසට බරපතල ලෙස තුවාල සිදුවීමෙන් මරණයට පත් වූ බව එකල ඉන්දීය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම වරදකරුවන් පිරිස වෙනත් මංකොල්ලයකට සූදානම්ව සිටිය දී සෞම්‍යා දැක ඇය පසුපස ගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!