spot_img
spot_imgspot_img

හොර වෙද්දු හැමතැනම, ප්‍රවේශම් වෙන්න

පුවත්

විදෙස්

2022 වර්ෂය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන් 18,516ක පරිසකගේ ලියාපදිංචිය කල් ඉකුත් වී තිබුණ ද එය අලුත් කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්කළ වාර්තාවකින් අනාවරණය වෙයි.

මෙම වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ආයුර්වේද සහ දේශීය වෛද්‍යවරු සංඛයාව 26,650ක පිරිසකි. ඒ අතරින් 3,827 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වුව ද ඔවුන් මියගිය බවට ඔවුන් පිළිබඳ දත්ත යාවත්කාලීන නොවීම හේතුවෙන් ඔවුන් සතුව තිබූ ලියාපදිංචිය සහ අනිකුත් ලේඛන අවභාවිතා වීමේ අවදානමක් ඇති බව ද ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

සෑම ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍ය වෘත්තිකයකු ම වසර 05කට වරක් සිය ලියාපදිංචිය අලුත් කරගත යුතු වුව ද ආයුර්වේද වෛද්‍ය සභාව ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් හඳුනාගෙන නැත.

2021 වර්ෂයේදී ලියාපදිංචිය  අලුත් කළ යුතු වෛද්‍යවරුන් 430 කට අදාල අලුත් කිරීමේ ගාස්තු ලෙස 795,600.00 ක මුදලක්  ආයුර්වේද වෛද්‍ය සභාව ගණනය කර තිබූ නමුත් එම ආදායම් එකතු කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කර නැත.

මේ තොරතුරු සඳහන් වන්නේ  ආයුර්වේද  වෛද්‍ය සභාවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!