spot_img
spot_imgspot_img

රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, පුද්ගලික සමාගමක් ද ?

පුවත්

විදෙස්

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදුකරන ව්‍යාපෘති, එකතුකරන මුදල් සහ ඔවුන්ගේ විගණන වාර්තාවල පිටපත් ඉල්ලූ විට තමන් පොදු අධිකාරියක් නොවේ යැයි පවසමින් එම සංගමයේ ලේකම් වරයා විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම තොරතුරු ඉල්ලන ලදදේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ පුරවැසියකු ලෙස මෙම ලේඛකයාට හිමිවන අයිතිවාසිකමක් අනුවය. මා විසින් නොවැම්බර් මස 07 දිනැතිව ලියාපදිංචි තැපෑලෙන් රිච්මන්ඩ් විදයාලයීය ආදි ශිෂ්‍ය සංගමයෙන් තොරතුරු ඉල්ලා සිටින ලද්දේ එහි නම්කළ නිලධාරීවරයා වෙතිනි.

නමුත්, ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් හසේල ද සිල්වා විසින් 2023-11-15 දිනැති ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ “තොරතුරු නිලධාරියකු” නොමැති බව සහ එය පොදු අධිකාරියක් නොවන බවයි. මෙම ලේකම්වරයා විසින් එම දැනුම් දීම කර ඇත්තේ මෙරට සාමාන්‍ය නීතිය නොදැන බව එයින් පැහැදිළි වෙයි.

පාසල් ආදි ශිෂ්‍ය සංගම් ස්ථාපිත කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතක් අනුව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් ප්‍රකාරවය. සෑම පාසලක ම ආදි ශිෂ්‍ය සංග‍මයේ සභාපතිවරයා වන්නේ නිල බලයෙන් විදුහල්පතිවරයාය. එමෙන් ම ආදි ශිෂ්‍ය සංගමය මගින් සිදුකරනු ලබන ව්‍යාපෘතිවලට අදාල ගිනුම් වාර්තා තබාගත යුතු අතර විගණන වාර්තා ද පවත්වාගෙන යා යුතුය. රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය යනු එම විද්‍යාලයේ උන්නතිය සහ ප්‍රගමනය වෙනුවෙන් අරමුදල් රැස්කරන ඒවා පවත්වාගෙන යන පාසල තුළ පාසල් සිසුන් වෙනුවෙන් ව්‍යාපෘති සිදුකරන සංවිධානයක් මිස අරමුදල් රැස්කරමින් ලාභ ලබන පුද්ගලික ව්‍යාපාරයක් නොවේ.

ඒ අනුව රිච්මන්ඩ් විද්‍යාලයේ පමණක්‍ නොව ඕනෑම පාසලක ආදි ශිෂ්‍ය සංගමයක් යනු පොදු අධිකාරියක් වෙයි. පොදු අධිකාරියේ තොරතුරු නිලධාරියකු පත්කර නොමැති වුව ද එහි ලේඛන පවත්වාගෙන යන නිලධාරියා නිල බලයෙන් තොරතුරු නිලධාරියා වන බැවින් රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ නිල බලයෙන් තොරතුරු නිලධාරියා වන හසේල ද සිල්වා විසින් ම තම සංගමය පොදු අධිකාරියක් නොවේ යැයි මා වෙත දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් පුරවැසියකු ලෙස මේ පිළිබඳ රිච්මන්ඩ් විද්‍යාලයීය විදුහල්පති සහ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා හෙවත් නම්කළ නිලධාරීවරයා වෙත අභියාචනයක් යොමු කිරීමට කටයුතු කළ අතර එම අභියාචනය ද ප්‍රතික්ෂේප වන්නේ නම් තොරතුරු කොමිසමට වෙත දැනුම් දී තොරතුරු ඉල්ලා සිටීමට කටයුතු කරන්නෙමි.

රිච්ම්න්ඩ් විද්‍යාලයෙන් ඉල්ලා ඇති තොරතුරු පහත සඳහන් පරිදි වෙයි.

  1. රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් රිච්මන්ඩ් විද්‍යාලයේ, එහි ඉගෙනුම ලබන සිසුන්ගේ, විදුහල්පතිවරයා ඇතුළු උගන්වනු ලබන ගුරු භවතුන්ගේ, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ, ක්‍රීඩා සහ විෂය භාහිර ක්‍රියාකාරකම් පුහුණුකරුවන්ගේ අභිවෘද්ධිය, යහපත සහ වර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ ද ? නොවන්නේ ද ?
  2. රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ‍හෝ ඉහත 01හි දැක්වෙන රිච්මන්ඩ් ප්‍රජාව වෙනුවෙන් රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් යම් යම් වියදම් සිදුකිරීම සඳහා මුදල් ඉපයීම සිදුකරන්නේ ද ?
  3. ඉහත අංක 02ට පිළිතුර ඔව්නම් ඒ කවර ආකාරයෙන් සිදුකරන මුදල් ඉපයීමක් ද ?
  4. රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් 2015 වර්ෂයේ සිට (එම වර්ෂය ඇතුළත්ව) 2023 වර්ෂයේ මෙම ලිපියට පිළිතුරු දෙන දිනය දක්වා ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති කවරේ ද ?
  5. ඉහත අංක 04හි දැක්වෙන කාලයට අදාලව ඒ ඒ ව්‍යාපෘති සඳහා අනුමත ව්‍යාපෘති සැළසුම් වාර්තාවල පිටපත් අවශ්‍ය කර තිබේ.
  6. ඉහත අංක 04හි දැක්වෙන කාලයට අදාලව ඒ ඒ ව්‍යාපෘතිවලට අදාලව උපයාගත් මුදල් සහ වියදම් කළ මුදල් දැක්වෙන අය වැය වාර්තාවල සහතික කළ පිටපත් අවශ්‍ය කර තිබේ.
  7. රිච්ම්න්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් 2023 ජනවාරි 01 සිට 2025 දෙසැම්බර් 31 දක්වා එම දිනයන් ද ඇතුළත්ව මේ වනවිට සැළසුම් කර ඇති ව්‍යාපෘති වාර්තාවල පිටපත් අවශ්‍ය කර තිබේ.
  8. රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 2015 වර්ෂයේ සිට අනුමත ව්‍යවස්ථාව සහ ඊට සංශෝධන එක්කළේ නම් එම සංශෝධනවල පිටපත් සහිතව සම්පූර්ණ ව්‍යවස්ථාවේ පිටපතක් අවශ්‍ය කර තිබේ.
  9. රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 2015 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා මහ සභා රැස්වීම් පවත්වා තිබේ ද ? තිබේ නම් ඒ කවර දිනයක දී කවර ස්ථානයක දී ද ?
  10. 2015 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂය සංගමය විසින් පවත්වන ලද මහ සභා රැස්වීම් වාර්තාවල සහතික කළ පිටපත් අවශ්‍ය කර තිබේ.
  11. 2015 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා එම වර්ෂ දෙක ද ඇතුළත් ව රිච්මන්ඩ් විද්‍යාලයී ආදි ශිෂ්‍ය සංගමයේ සම්පූර්ණ වාර්ෂික අයවැය වාර්තාවල සහතික කළ පිටපත් අවශ්‍ය කර තිබේ.
  12. 2015 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා එම වර්ෂ දෙක ද ඇතුළත්ව රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුම් විගණනය කරන ලද විගණන වාර්තාවල පිටපත් අවශ්‍ය කර තිබේ.
  13. රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ගිනුම / ගිනුම් පවත්වාගෙන යන බැංකුව, එම බැංකු ශාඛාව සහ ගිනුම් අංක අවශ්‍යර ඇත.
  14. රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් මිල දී ගෙන හෝ ව්‍යාපෘතියක් මගින් ලබාගෙන හෝ ආදි සිසුන්ගේ පරිත්‍යාගයක් ලෙස ලබා දී හෝ විද්‍යාලයේ, සිසු දරුවන්ගේ, විදුහල්පතිවරු ඇතුළු ගුරුවරුන්ගේ පරිහරණය සඳහා බස් රථ හෝ වෑන් රථ හෝ කාර් රථ හෝ මෝටර් රථ හෝ ත්‍රී රෝද රථ හෝ යතුරුපැදි හෝ ලබා දී තිබේ ද ?
  15. ඉහත අංක 14 ප්‍රශ්නයට පිළිතුර ඔව්නම් එම වාහන සඳහා රජයේ ලියාපදිංචිය 2023 වර්ෂයට අදාලව ලබාගත් සහතිකයේ පිටපත් අවශ්‍ය කර තිබේ.
  16. එලෙස ලබා දී ඇති කිසියම් ආකාරයක වාහන ඇතුළත් කර ඇත්තේ පාසලේ භාණ්ඩ පිළිබඳ ලේඛනයට ද ආදි ශිෂ්‍ය සංගමය සතු භාණ්ඩ පිළිබඳ ලේඛනයට ද ?
  17. ඉහත 16 ප්‍රශ්නයට පිළිතුර “ආදි ශිෂ්‍ය සංගමය සතු භාණ්ඩ පිළිබඳ ලේඛනය” යන්න නම් එම ලේඛනයේ සහතික කළ පිටපතක් අවශ්‍ය කර තිබේ
  18. එමෙන් ම එම එක් එක් වාහනයට අදාලව 2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා එම වර්ෂ දෙක ද ඇතුළත්ව ධාවන සටහන් ලේඛනයේ පිටපත් අවශ්‍ය කර තිබේ.

රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය සංගමය විසින් එවා ඇති පිළිතුරු ලිපිය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!