spot_img

රනිල්ගේ අනාවැකිය හරියයි. ක්‍රිකට් පාලක මණ්ඩලයට අත තියන්න එපා යැයි අධිකරණ නියෝගයක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (07) අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චිගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝග නිකුත් කරනු ලැබීය.

එම නියෝග දින 14ක කාලයකට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.

ඒ අනුව ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක මණ්ඩලයක් පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගයට අමතරව අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.

එසේම පෙත්සම්කරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ඔවුන්ගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් විනිසුරු මඩුල්ල විසින් ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයාට ඇති බලතල අනුව ක්‍රිකට් අතුරුකමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට පවසා තිබුණේ අධිකරණයකින් නියෝගයක් ලැබුණහොත් තත්වය බරපතල විය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles