ගාල්ල දිසාවේ පොලිස් ස්ථාන 14ක් සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ලබාදීම අද Certise Lanka පුද්ගලික ආයතනය විසින් සිදුකරන ලදී. එම ආතනය විසින් පොලිස් නිලධාරීන් අවශ්‍ය කරනු ලබන ආරක්ෂිත ඇඳුම් කට්ටල කිහිපයක්, මුහුණු ආවරණ, මුුඛ ආවරණ හා අත් සෝදන විෂබීජ නාශක දියර මෙලෙස පරිත්‍යාග කර තිබේ. ආයතනයේ හිමිකරු පොලිස් දෙපාර්තමේන්තුවෙ සේවය කළ අයෙකි.
මෙම පරිත්‍යාගය සිදුකරන අවස්ථාව සඳහා දකුණු දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ. ද සිල්වා ඇතුළු පොලිස් නිලධාරීහු පිිරිසක් පැමිණ සිටියහ.
සටහන සහ ඡායාරූප – සාහිත ගම්මන්පිල