ශ්‍රී ලංකාවේ 98ක් පිටරට දී කොරෝනා නිසා මිය ගිහින්

0
155

විදෙස් රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනකු කොරෝනා වැළඳීමෙන් මියගොස් ඇතැයි විදේශ කටයුතු අමාතයාංශය සඳහන් කරයි.

මේ අතරින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ මැද පෙරදිග රටවලිනි. සෞදි අරාබියේ දී ශ්‍රී ලාංකිකයන් 35 දෙනකු, කුවේට්හි දී ශ්‍රී ලාංකිකයන් 21 දෙනකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ශ්‍රී ලාංකිකයන් 10 දෙනකු, කටාර් හි දී ශ්‍රී ලාංකකයන් 06 දෙනකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ දී ශ්‍රී ලාංකිකයන් 05 දෙනකු, ඇමෙරිකාවේ දී 04 දෙනකු, කැනඩාවේ දී 04 දෙනකු, බහරේන්, ජෝර්දාන්, ජර්මනිය සහ ඉතාලිය යන රටවල දී 02ක් බැගින් ද ඊශ්‍රායලයේ දී එක් අයකු ද මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here