spot_img

මාතර ජනතාව ඉවත්කරයි. ගල්බැම්ම පිටාර ගැලීමට ආසන්නයි

පුවත්

විදෙස්

නිල්වලා ගඟආශ්‍රිතව අත්තුඩාව ප්‍රදේශයෙ පිහිටි ආරක්ෂිත ගල් බැම්මේ පිටාර මට්ටම දක්වා ජලය ඉහළ ගොස් ඇති බැවින් මාතර ජනතාවට ඉවත්වන්න යැයි ආපදා කළමනාකරණ ඒකකය හා පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුම්වත් කිරීම් කරමින් පවතී.

අද (07) සවස්වන විට එහි ජල මට්ටම සෙන්ටිමිටර 77ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ආරක්ෂිත ගල් බැම්මේ පිටාර මට්ටම සළකන්නේ සෙන්ටිමීටර 79ක් ලෙසිනි.

එබැවින් මාතර ඊට පහළ ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත ස්ථාන දක්වා ඉවත්වවන්න යැයි මේ වනවිට දැනුම් දෙමින් පවතී.

වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් හටගෙන ඇති බැවින් අද (07) සවස 2.00 සිට හෙට (08) සවස 2.00 දක්වා කාලයේ දී මිලි මීටර 100කට අධික වර්ෂාපිනයක් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles