spot_img
spot_imgspot_img

පාසල් වාර විභාග කල් දමයි

පුවත්

විදෙස්

දකුණු පළාතේ පාසල් වාර විභාග පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දැමීමට කටයුතු කර තිබේ.

දකුණු පළාතේ සියලුම පාසල්වල 6 වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා වාර විභාග දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වන බව කලින් පවසා තිබිණි. එ අනුව ලබන 12 වැනි දා වාර විභාග කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

එසේ වුව ද පසුගිය බ්‍රහස්පතින්දා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සියලුම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙතත් විදුහල්වෙතත් ලිඛිතව දන්වන ලද්දේ දෙපාර්තමේන්තුවට මුදල් නොමැති නිසා ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරිමේ කටයුතු පාසල් මට්ටමින් සිදුකරගන්නා ලෙසයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍රවල විද්‍යුත් පිටපත් ද කොට්ඨාස කාර්යාලවෙත සීඩී මගින් යොමුකර තිබිණි.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වන්නේ අවසන් වාර විභාග පමණි.

මෙවර පැවැත්වෙන දෙවැනි වාර විභාගය සඳහා දකුණේ සියලු පාසල්වලට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන ප්‍රශ්න පත්‍ර දුන්න ද ඒවා මුද්‍රණය කරගැනීමට ඒ ඒ පාසල්වලට විශාල මුදලක් වැයවන බැවින් විදුහල්පතිවරුන්ගේ සංගමය ඒ ගැටලුව විසඳීමට මැදිහත්ව ඇතැයි වාර්තා වේ.

පාසල්වලට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර විදුහල්පති සංගමය මගින් අඩු මුදලකට මුද්‍රණය කරදීමට කටයුතු කර ඇත.

දකුණු පළාත් ආණ්ඩකාර විලීයම් ගමගේ මැදිහත් වී විභාගය කල් දැමිමට කටයුතු කර තිබේ. ඔවුන් පවසන්නේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 12 වැනි දා පැවැත්වීමට නියමිත විභාග කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ආපදා කළමනාකරණ කමිටු රැස්වීමේ දී තීරණය කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!