මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 63 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
ඔහු ඉඹුල්ගොඩ පදිංචිකරුවෙකි. සෞඛ්‍ය අංශ පවසන්නේ මරණයෙන් පසු සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු ආසාදිත යැයි හඳුනාගත් බවයි. මරණය සිදුව ඇත්තේ ලියුකේමියා රෝග තත්ත්වය උත්සන්න වීම හා ශ්වසන පද්ධතියේ ඇති වූ සංකූලතාවකිනි.
මෙම මරණය කොරෝනා ආසාදනය වීමෙන් සිදුවූ 46 වැනි මරණයයි.