අකුරැස්සට, පිටබැද්දරට කොරෝනා ආ හැටි

0
363

කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිත බවට තහවුරු වූ අකුරැස්ස අමලගොඩ පදිංචි කාන්තාවට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ ඇයගේ සාත්තුවට සිටි කාන්තාකගෙන් විය හැකියැයි සෞඛ්‍ය අංශ පවසයි.

පිටබැද්දර කුඩගලහේනේ පදිංචිකාරියක වන සාත්තුවට සිටි එම කාන්තාවගේ සැමියා පෙදරේරුවකු බවත් ඔහු කොළඹ ප්‍රදේශයේ සේවය කර නිවසට පැමිණ ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගෙන් බිරිඳට රෝගය වැළඳෙන්නට ඇති බවත් ඇය රෝහලේ නේවාසිකව සිටි අමලගොඩ කාන්තාවගේ සාත්තුවට කරාපිටිය රෝහලේ නතරවීමෙන් එම කාන්තාව ද ආසදනය වන්නට ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන් පසු දිනක ඇයගේ සාත්තුවට නතරව සිටි දියණියට හා තවත් අකුරැස්සේ පදිංචි කාන්තාව ද ආසාදනය වන්නට ඇති බව සෞඛ්‍ය අංශවල විශ්වාසයයි.

කොස්නිල්ගොඩ පදිංචි කොරෝනා ආසාදිත යුවළ පිටබැද්දර නගරයේ බෙහෙත් ශාලා දෙකකින් ඖෂධ ලබාගෙන තිබීමත් නගරයේ වෙළෙඳ සැල් තුනකට ගොස් තිබීමත් හේතුවෙන් එම ස්ථාන ද වසා දමා ඇත. මේ වනවිට ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ස්වයං නිරෝධායනයට යොමු කරමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here