spot_img
spot_imgspot_img

මිහින්තලෙන් අලුත් ව්‍යාපාරයක් ?

පුවත්

විදෙස්

මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුණු වැවේ ධම්මරතන නව ව්‍යාපාරයක් ආරම්භ කරන බව කියයි.   

භික්ෂුවක ලෙස කටයුතු කරමින් මුදල් එකතුකිරිමේ ව්‍යාපාර, මුදල් සිඟමනේ යැදීම වැනි භික්ෂූත්වයට නොගැලපෙන කටයුතු කරමින් බුද්ධ දේශනාවට පරිබාහිරව කටයුතු කරන ඔහු මේ බව කියා සිටියේ පසුගිය 28 වැනි දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

ඔහු පවසන්නේ නිදහස ලැබීමෙන් පසුව මෙරට සියලු ජන කොටස් පීඩාවට පත් කරනු ලැබුවේ මේ දක්වා පැවැති පාදඩ දේශපාලනය වන අතර රටේ ජනතාව වෙනුවෙන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයකු පෙනී නොසිටින බැවින් මෙම පියවර ගන්නා බවයි.

නමුත්, වළවාහැංගුණු වැවේ ධම්මරතන ඔහුගේ ඉතිහාසය පුරාම මෙරට විවිධ දේශපාලකයන් බලයට පත්කිරීම සඳහා මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත්කරමින් එවැනි පාලකයන් වෙනුවෙන් ම පෙනී සිටි තැනැත්තෙකි.

ඔහු පවසන්නේ පාලකයන් රටේ උන්නතිය වෙනුවෙන් කටයුතු නොකරන බැවින් නිදහස් අරගල ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සමුළුවක් පවත්වන බවත්, ඒ සඳහා මහා නායක හිමිවරුන් හමු වී ආශිර්වාද ලබාගන්නා බවත් ඔහු පවසයි.

මෙම සමුළුවට භික්ෂූන් මෙන්ම ආගමික බේදයකින් තොරව ගිහි පිරිස් ද සහභාගී කරගැනීමට බලාපොරොත්තුවන බව ද හෙතෙම මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය.

මෙම සාකච්ඡාව සඳහා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ කැඳවුම්කරු ආනන්ද සාගර, සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන, ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වෙල ශාසන රතන යන පිරිස ද සහභාගී වූහ.

පසුගිය පොසොන් උත්සවය වෙනුවෙන් මිහින්තලා පුදබිමේ පැවැත්වෙන උත්සවයට රජයෙන් විදුලි ආලෝක සඳහා මුදල් නොගෙවන බව පවසමින් මුදල් සිඟමනේ ගිය වළවාහැංගුණු වැවේ ධම්මරතන හිමි රට පුරා පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් ආධාර එකතු කළහ. නමුත්  ඉන්පසුව සිදුවූයේ මිහින්තලා පුදබිමේ විදුලි බිල්පත් ගෙවා නොමැති බව සඳහන් කරමින් විදුලිබල මණ්ඩලය විසින් එහි විදුලිය විසන්ධි කිරීමයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම විදුලි බිල් ගෙවා දැමීමට වහාම ඉදිරිපත් වූයේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!